Colombo Today Local News

ලිට්‍රෝ ගෑස් නිකුත් කිරීම අද සිට යළි සිමාවේ

ආනයනය කර ඇති ගෑස් තොග නිදහස් කර ගැනීමට ඩොලර් ලබා නොදීම හේතුවෙන් මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් අංගණයෙන් වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම අද (10)දිනයේ සිට යළි අවම වන බව වාර්තා වෙයි.

මීට දින තුනකට පෙර ගොඩබාන ලද ගෑස් මෙට්‍රික් ටොන් 2500 බෙදාහැරීම අවසන් බවද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

සමාගම ආනයනය කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් හත්දහසක් අඩංගු නෞකා දෙකක් ශ්‍රී ලංකාව අවට මුහුදේ දැනට සතියක සිට නැංගුරම්ලා ඇත.

මෙම නැව් දෙකෙහි ඇති ගෑස් තොගය නිදහස් කර ගැනීමට ඩොලර් ලබා දෙන ලෙසට සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවට අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති අතර ගෑස් හිඟය හේතුවෙන් ගෑස් අලෙවිසල් අසල ඊයේ (9)දින දිගු පෝලිම් දක්නට ලැබුණි.

Related posts

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

මංගල සමරවීර බණ නැවත්තුවාට බුද්ධශාසන ඇමතිගේ කනගාටුව

colombotoday

උපුල් ජයසූරිය ඉවතට.. අර්ජුන් මහේන්ද්‍රන් BOI සභාපතිකමට !

colombotoday

ගෑස් සමාගම් දෙකේ ගෑස් සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා ඛනිජ තෙල් සංස්ථාවට

colombotoday

ණය ගත්තේ කලින් ගත්ත ණය පියවන්නයි

Admin

තවත් ගැලවෙන්න රෙදි නෑ.. අපි දැන් ඉන්නේ හෙළුවෙන් – ආචාර්ය නිර්මාල්

colombotoday