World

ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ලොව පළමු මිනිසා මියයයි

ලොව පළමු ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ඇමෙරිකන් ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩේවිඩ් බෙනට් මාරක හදවත් රෝගී තත්ත්වයකින් පෙළුනු අයකු විය. විද්‍යාඥයන් සහ වෛද්‍ය පර්යේෂකයන් එක් වී, බෙනට් ට සරිලන ආකාරයට, පර්යේෂණාගාරයක් තුළ ඌරකුගේ සිරුරේ ජාන වෙනස් කර හදවත් නිර්මාණය කළ අතර, පසුව එය බෙනට් ට බද්ධ කෙරුණි. එය වෛද්‍ය විද්‍යාවේ පෙරැළියක් ලෙස සැලකිණි. ඒ පසුගිය ජනවාරි 7 වැනිදාය.

හදවත බද්ධ කිරීමේ සැත්කම සිදු කරනු ලැබුවේ බොල්ටිමෝර් වෛද්‍යවරුන් කණ්ඩායමක් විසිනි. සැත්කම සාර්ථක වුණු අතර, පළමු ඌරු හදවත් බද්ධයට ලක්වුණු පුද්ගලයා ලෙස බෙනට් ලොව ප්‍රසිද්ධියට පත් විය.

කෙසේ නමුත් පසුගිය කාලයේ බෙනට්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහී ගිය බවත් පසුගිය මාර්තු 8 වැනිදා බෙනට් මියගිය බවත් වෛද්‍යවරු පැහැදිලි කරති.

Related posts

ප්‍රථම වරට රුසියානු සබ්මැරීන් මගින් ISIS ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාරයක් (Video)

colombotoday

සිවු දින සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

Admin

G7 රාජ්‍ය නායක සමුළුව හිරෝෂිමාවේදී ඇරඹෙයි..

Admin

ජූලි සිට ප්‍රංශයේ හලාල් තහනම්

colombotoday

ගවමස් වල ගුණ ලියූ සඟරාවක කර්තෘගේ රැකියාවට අගුණ වෙයි.

colombotoday

මුස්ලිම් කාන්තාවක් විවාහ කරගත් අහමදියා තරුණයෙකු අත්අඩංගුවට. | අහමදියාවරු මුස්ලිම්වරුන් ලෙස හැඳින්වීමත් තහනම්

colombotoday