World

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 9 ඉක්මවා යයි.

සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද (10)දින කෝටි 9 ඉක්මවා යමින් ආසාදිතයින් 90,077,450 ලෙස වාර්තා විය.

ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,934,813කි.

ලොව වැඩිම කොවිඩ් බලපෑමට ලක්ව ඇති අමෙරිකාවේ වෛරස ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් තිබේ.

මේ වන විට සතිපතා වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇති බව එරට වාර්තා පවසයි.

නිවාඩු සමයේ ජනතාවගේ හැසිරීම් රටාව මේ තත්ත්වයට හේතුවී ඇති බව සෞඛ්‍ය බලධාරීන්ගේ අදහසය.

අමෙරිකාවෙන් ගෙවුණු පැය 24 දීත් ආසාදිතයින් 249,519ක පිරිසක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,235කි.

මේ අතර, බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයා කොවිඩ් නයින්ටීන් එන්නත ලබාගත් බව බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයෙක් පවසයි.

වින්ඩ්සර් මාලිගයේදී, එහිම සේවය කරන වෛද්‍යවරයෙක් විසින් එන්නත ලබාදී ඇති බවත් සඳහන් වේ.

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙදන්යාහු කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන තිබේ.

ඊශ්‍රායලය කොවිඩ් එන්නත්කරණයේ ස්ථාවර ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර මාර්තු මාසය අවසන් වන විට සියලුම රටවැසියන්ට එන්නත ලබාදී අවසන් කරන බව අගමැතිවරයා පවසයි.

මේ අතර දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිතයන් සිව් දෙනෙක් එරටින් හඳුනාගෙන තිබුණි.

Related posts

තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවට

Admin

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටීමක්

colombotoday

රුසියාවෙන් එක් දිනකදී පමණක් මිසයිල ප්‍රහාර 90ක් – යුක්‍රේන ජනපති

Admin

තබ්ලිගි ජමාත් සහ එහි මුලස්ථානය තහනම් කරන ලෙස විශ්ව හින්දු පරාෂාද් සංවිධානය ඉල්ලා සිටියි.

colombotoday

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ගිලී 30කට වැඩි පිරිසක් අතුරුදන්

Admin

නයීජීරියාවට පනවා තිබු ට්විටර් තහනම ඉවතට

colombotoday