World

තබ්ලිගි ජමාත් සහ එහි මුලස්ථානය තහනම් කරන ලෙස විශ්ව හින්දු පරාෂාද් සංවිධානය ඉල්ලා සිටියි.

දිල්ලියේ නිසමුදීන් හී පිහිටි තබ්ලිගි ජමාත් මූලස්ථානය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. එහි මාර්තු දෙවන සතියේ පැවැත්වූ ආගමික සභාවකට සහභාගී වූ සිය ගණනක් ජනයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.

මෙම ආගමික සභාවට සහභාගී වූ රට පුරා විසිරී සිටින තවත් කිහිප දෙනෙකු, මාරාන්තික කොරෝනා වෛරසයේ වාහකයන් යැයි සැක කෙරෙන බව විශ්ව හින්දු පරාෂාද් සංවිධානය පවසයි.

තබ්ලිගි ජමාත් හේතුවෙන් මුළු රටම COVID-19 අර්බුදයකට මුහුණ දී සිටින බව සඳහන් කරමින් VHP හි ඒකාබද්ධ මහ ලේකම් සුරේන්ද්‍ර ජේන් කියා සිටියේ එම සංවිධානයම තහනම් කළ යුතු බවත් එහි සියලුම බැංකු ගිණුම් මුද්‍රා තැබිය යුතු බවත් ය. ඉස්ලාමීය රැඩිකල්වාදය හා භීෂණය මෙම සංවිධානය පෝෂණය කරන බවටද ඔහු චෝදනා කර සිටියේය.

outlook India

Related posts

නව තාක්ෂණය නිර්මාණශීලී වන අයුරු රොබෝ යුවතියක් පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

ISIS ත්‍රස්තයෝ සිරියානුු ළමයින් 200ක් එකවැර වෙඩිතබා මරා දමයි (Video)

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday

ජයලලිතාගේ අනුප්‍රාප්තිකයා ලංකාවට එරෙහිව පළමු ලිපිය මෝදිට ලියයි !

colombotoday

චාර්ල්ස් කුමරු නිල වශයෙන් හෙට කිරුළු පළදි

colombotoday

දිල්ලි නුවරටත් දැනුණු තජිකිස්ථානයේ භූ කම්පනය

colombotoday