Colombo Today Local News

වනාතවිල්ලුවේ මියගිය පක්ෂීන්ට කුරුළු උණ වැලදී නෑ..

විල්පත්තුව ජාතික උද්‍යාන මායිමේ පේරක කලාපය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව රාල්මඩුව කුඹුරු යායක මරණයට පත්වු පක්ෂීන්ට කුරුළු උණ වැලදි නැති බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා පැවසිය.

පශු වෙද්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ කුඹුරු යාය තුළ මරණයට පත්ව සිටි පක්ෂීන් ජෛව පටල සාම්පල පරික්ෂා කිරිමේදි කුරුළු උණ රෝග ලක්ෂණ නොතිබු බවයි.

වනාතවිල්ලු එළුවන්කුලම රාල්මඩුව කුඹුරු යායා තුල මෙසේ පක්ෂීන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් ගෙවි ගිය සතියේ හදිසියේ මරණයට පත්ව තිබුනී

මෙසේ මරණයට පත්වු පක්ෂීන් එකම කුලයට අයත් බව කියන ගේ කුරුල්ලා, සරල වි කුරුල්ලා, ‍ගෙල කළු කුරුල්ලා,මහ ටිකිරිත්තා,කිරුළළු බිම් රිට්ටා යන කුඩාම පක්ෂී විශේෂය බව කියයි.

කෙසේ වෙතත් වනජිවි පශු වෛද්‍ය වරයා පවසා සිටිය් අදාල පක්ෂින් බැක්ටිරියාවකින් හෝ වෙනත් වෛරසයකින් මරණයට පත්ව ඇත්දැයි සොයා බැලිමට පරික්ෂණ අරඹා ඇති බවයි.

ඒ සමගම මෙම පක්ෂින්ට මරණයට පත්වු කුඹුරු යායා තුළදි යම් විසක් ශරිර ගතව ඇත්දැයි සොයා බැලිම කල හැක්කේ රජයේ රස පරික්ෂක වරයාට බවත් ඒ සදහා මේ වන විට අදාල පක්ෂින්ගේ කොටස් රජයේ රස පරික්ෂක වෙත යැවිමට කටයුතු කර ඇති බවයි .

කෙසේ නමුත් අදාල පක්ෂින් මරණයට පත්විම සිදුවු කුඹුර හා අවට නිරික්ෂණය කිරිමෙන් පසුව පක්ෂීන් මරණයට පත්ව තිබිමට ආසන්නම හේතු තවමත් තහවුරු වි නැති බව වනජීවි නිළඛාරින් පවසයි.

නමුත් අදාළ පක්ෂීන් මරණයට පත්වු කුඹුරට වි ඉසිම සිදුකර ඇත්තේ මෙම පක්ෂීන් මරණයට පත්විමට දින කිපයකට පෙර බවත් ඒ හේතු සැළකිල්ලට ගෙන වනජීවි නිළධාරින් කුඹුරේ පසු හා ඉස තිබු වී සාම්පලයක්ද රස පරික්ෂකට යැවිමට කටයුතු කර තිබුනී.

Related posts

දෙමළ ජනතාව මෙරට මුල් පදිංචිකරුවන් නොවේ. විග්නේෂ්වරන්ට විවාදයකට අභියෝගයක්

colombotoday

විදුලි ඇමතිට රට ගමන් තහනම්.. ජනපතිගෙන් නියෝගයක්

colombotoday

විදුලි බිල අඩුකරන්නැයි ඉල්ලා සජිත්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

කොළඹට විශේෂ ආරක්ෂාවක්

Admin

මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් ! අර්ජුන්ගේ බැදුම්කර බෑණා මේකටත් බැහැලා

colombotoday

අධිකරණයෙන් කට්ටි පැන්න හිටපු කොටි නායකයෙක් අල්ලන්න වරෙන්තු !

colombotoday