Colombo Today Local News

කලවාන මූලික රෝහලේ වාට්ටුවක් වසා දමයි

කලවාන මූලික රෝහලේ පිරිමි වාට්ටුව වෙත ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි පුද්ගලයින් දෙනෙකු වෙත කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ එම වාට්ටුව වසා දැමීමට පියවර ගත් බව කලවාන මූලික රෝහල පැවසීය.

ඒම වාට්ටුව බාරව සිටී වෛද්‍යවරයා ඇතුළු කාර්‍යමණ්ඩලයද ස්වයං නිරෝධානයට ලක්කර ඇතිබව කලවාන මූලික රෝහල පවසයි.

පසුගිය දිනකදී මෙම රෝගීන් දෙදෙනා දෙඹර ප්‍රහාරයකට ලක්වූ බව පවසා ප්‍රතිකාර ලබාගැනීමට රෝහල වෙත පැමිණ ඇතිබවත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝග ලක්ෂණ අනුව ඔහුන්ගෙන් විමසා සිටියදී ඔහුන් නිරෝධානයට ලක්කල පුද්ගලයින් බව රෝහල් කාර්‍යමණ්ඩලය වෙත ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුනගේ පී.සී.ආර් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීමේදී ඔහුන්ට කොරෝනා ආසාදිත බවට තහවුරු වු බව කලවාන මූලික රෝහල පැවසීය. ඒ අනුව ඔහුන් ප්‍රතිකාර ලබමින් සිටී පිරිමි වාට්ටුව වසාදැමීමට පියවර ගත් බව කලවාන මූලික රෝහල පැවසීය.

යම් පුද්ගලයකු ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීමේදී ඔහුනගේ සැබෑ රෝග ප්‍රකාශ කර සීටීනම් මෙවැනි තත්වයන් ඇති නොවන බවද මූලික රෝහලේ ප්‍රකාශකයකු සදහන් කළේය.

Related posts

කුරුදු අපනයනයට මුවා වු කසළ තේ ජාවාරම

colombotoday

කැබිනට් සංශෝධනය අද… නීතිය හා සාමය ෆොන්සේකාට ?

colombotoday

ජනපති නෙලුම් කුලුන ගැන සිදු කළ ප්‍රකාශය නිවැරදි තොරතුරු ලබාගැනීමකින් තොරව කළ ප්‍රකාශයක්

colombotoday

කුඩු කිලෝ 6යි උණ්ඩ 19යි කැබෑවේ කුඩු තිත්පොළ වටලයි…

colombotoday

සංඛ්‍යා ලේඛණ තැති ගන්වන සුළුයි, රටේ ආර්ථික අනාගතය අවදානම් සහිතයි – අගමැති

colombotoday

ත්‍රස්තවාදීන් බිහිකරන හිස්බුල්ලාගේ හොර උපාධි කඩයට එරෙහිව GMOA, NUTA සටනට…

colombotoday