සුදු සිනි ආනයනය කිරීමට අද (30)සිට අවසර ලබාදී ඇතැයි ආනයන – අපනයන පාලක ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය පවසන්නීය.
ඇය සඳහන් කළේ, ඒ සඳහා ණයවර ලිපි විවෘත කිරීමටද පහසුකම් සලසා ඇති බවය.
මාස 3 ක කාලයක් සීනි ආනයනය කිරීම තහනම් කර තිබුණි.
මේ අතර හෙට(01) සිට දින 10 ක් ඇතුළත කොළඹ වරාය භාරයේ දැනට පවතින සීනි කන්ටේනර් 81 ක් වරායෙන් නිදහස් කර ගත යුතු බවට ආනයනකරුවන්ට දැනුම් දී ඇති බව ලංකා සතොස සභාපති විශ්රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.