Colombo Today Local News

නැව්වල දැවිතෙල් අවිධිමත්ව පරිසරයට බැහැර කළ සමාගම් කිහිපයකට නඩු

නැව් මගින් බැහැර කරන දැවිතෙල් විධිමත් නොවන ආකාරයෙන් පරිසරයට මුදාහැරීමට කටයුතු කළ සමාගම් කිහිපයකට එරෙහිව නීතිමය පියවර ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එම සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට මෙන්ම දඩ මුදල් නියම කිරීමට පියවර ගත් බවද එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේය.

දැවි තෙල් ප්‍රවාහනය කිරීම සඳහා ආයතන 23 ක් වෙත බලය හිමිව ඇති අතර ඉන් ආයතන දෙකක් දැවිතෙල් ගබඩා කිරීමේ කටයුතු සිදුකරයි.

නැව් මගින් බැහැර කරන දැවිතෙල් හේතුවෙන් පාරිසරික හානි මෙන්ම ජනතාවට විවිධ රෝගාබාධ ඇතිවීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවට පරිසරවේදීන් විසින් පෙන්වාදීමෙන් අනතුරුව ඒ පිළිබඳ නියාමන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් ලබාදී තිබුණි.

ඊට අදාළව GPS තාක්ෂණය ඔස්සේ නියාමන කටයුතු සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගත් බව එහි අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය.

එම නියාමන කටයුතු ඔස්සේ නැව් මගින් බැහැර කරන දැවිතෙල් විධිමත් නොවන ආකාරයෙන් පරිසරයට මුදාහැරීමට කටයුතු කළ සමාගම් හඳුනාගෙන තිබේ.

ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ අතර තවදුරටත් අදාළ නියාමක කටයුතු සිදු කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේය.

Related posts

ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුවෙන්මයි. වෙන පක්ෂවලට අඩව් අල්ලන්න බෑ

colombotoday

තවත් ඉන්දීය බිත්තර ලක්ෂ 10 ක් දිවයිනට

Admin

ජනපතිට මඩ ගහන්න කෝපි කඩේ ටෙලි කථාංගයක් හදයි… සේවක විරෝධයෙන් විකාශය නවතී.

colombotoday

මත්ද්‍රව්‍ය නඩුවකට හිටපු නාවික හමුදාපතිගෙන් සාක්ෂි විමසයි

colombotoday

දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

colombotoday

අනුරාධපුර පාසල් දෙකක් දින නියමයකින් තොරව වසා දමයි.

colombotoday