Colombo Today Local News

බැදුම්කර මගඩිය මහින්දගේ කරේ එල්ලයි.. අරුම පුදුම ගැසට් එකක් එළියට !

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ බව පැවසෙන ගැසට් පත්‍රය ‘දුෂණ විරෝධී පෙරමුණ’ විසින් අනාවරණය කර ඇත.

2015 ජනවාරි 1 දින වන විට මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කළ මුදල් අමාත්‍යවරයා 2015 මාර්තු 1 දින සිදුවන දුෂිත බැදුම්කර ගනුදෙනුවේ සැබෑ වටිනාකම අන්තිම රුපියල් සියයට (එනම් රුපියල් දශ ලක්ෂ 10,058 ක් බව) නිවැරදිව දැන සිට ඇත.

එපමනක් ද නොව, මෙම දුෂිත ගනුදෙනුවේ පොලී අනුපාතය 12.5% ක් වන බව ද ඔවුන් දැන සිට ඇත.

දුෂණ විරෝධී පෙරමුණ වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම ගැසට් පත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වසර ආරම්භයේ දී වෙන්කරවා ගත් අංකයක් යොදා ගනිමින් මුද්‍රණය කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීමෙන් පසුවය.

මහ බැංකුව විසින් මෙම ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත යොමු කොට ඇත්තේ 2015 සැප්තෑම්බර් මසය. එවිට රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පමණක් වූ අතර මුදල් අමාත්‍යවරයා වූයේ රවී කරුණානායක මහතා ය.

බැදුම්කර වංචාව සදහා ආයතනික සහාය ලබා දුන් පුද්ගලයින් තවමත් මහ බැංකුවේ ප්‍රධාන තනතුරු දරමින් සිටින අතර ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ගනු දෙනුව සදහා සම්බන්ධ බව හැගවීම සදහා මෙම ගැසට් නිවේදනය යොදා ගනිමින් සිටින බව පැහැදිලිය.

මුදල් ඇමති මහින්ද රාජපක්ෂ ගේ අත්සනින් නිකුත් වූ ගැසට් පත්‍රය පහතින්බැදුම්කර නිකුත් කිරීමට අදාලව 2015 ජනවාරි 01 දිනැතිව නිකුත්ව ඇතැයි කියන  අති විශේෂ ගැසට් පත්‍රය ගැන ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය නිසා, ජනාධිපතිවරයා විසින් පත්කල බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සදහා වූ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා නියෝග කර ඇත.

2015 ජනවාරි 01 දිනැතිව නිකුත්ව ඇති අංක 1895/19 දරණ අතිවිශේෂ ගැසට්‌ පත්‍රය මුද්‍රණය කළ දිනය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය නිසා ඒ ගැන වහාම රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්‌ සටහන් කරගත යුතු බවට කොමිසම නියෝග කරන බවද එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු ඉදිරි සාක්‍ෂි ලබා ගැනීමට නියම කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා කියා සිටියේය.

2015 ජනවාරි 01 දිනය සහිතව නිකුත්ව ඇති එම ගැසට්‌ පත්‍රය මුද්‍රණය කළේ කවර දිනයකද යන්න කොමිසම තහවුරු කරගත යුතු බවද සභාපති විනිසුරු චිත්‍රසිරි මහතා කියා සිටියේය.

එම ගැසට්‌ පත්‍රය අත්සන් කළ බවට හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැති මහින්ද රාජපක්‌ෂ මහතාගේ නම සඳහන් වන බැවින් හිටපු මුදල් ඇමැතිවරයා එම ගැසට්‌ පත්‍රයට අත්සන් තබා තිබේද යන්න තහවුරු කරගත යුතු බවටද කොමිසමේ අවධානය යොමුව ඇත.

srilankamirror

 

Related posts

රනිල්ට 72යි… එතුමට වැඩි කාලයක් නැහැ…

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට දුන් කෝටි 90 කෝ

colombotoday

රට ආඩි හත් දෙනාගේ කැඳ හැලියක් වෙලා – ඥානසාර හිමි

colombotoday

සතුන් දඩයමට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

පළපුරුදු බුද්ධි නිලධාරීන් ආරක්ෂා කරනවා වෙනුවට රජය ඔවුන්ව සිරගත කරලා.. ජාතික ආරක්ෂාව රැකෙයිද?

colombotoday

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්

Admin