Colombo Today Local News

කච්චතිව් මංගල්‍යයට යන බැතිමතුන් සීමා කිරීමට රජයෙන් තීරණයක්

යාපනය උතුරු මුහුදු සීමාවේ පිහිටි කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් සහභාගීවන බැතිමතුන් 100 කට පමණ සීමා කිරීමට රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ තීරණය කොට තිබේ.

පවතින කොවීඩ් අවධානම හේතුවෙන් එන්නත් මාත්‍රා තුනම ලබාගෙන ඇති බව සහතික වූ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බැතිමතුන් 100 දෙනෙකු පමණ සහභාගී වීමට අවස්ථාව ලබාදීමට පියවර ගෙන ඇත.

පවතින වත්මන් වාතාවරනය පිළිබඳව රැස්වීමක් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී යාපනය දිසාපති කේ.මහේෂණ් මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාව සහ පොලීසිය ඇතුලු සෞඛ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.

එහිදී මෙරටින් සහභාගී වන බැතිමතුන්ගේ සෞඛ්‍ය ඇතුලු අනෙකුත් පහසුකම් සහ බැතිමතුන් කච්චතිව් දූපත සඳහා ප්‍රවාහනය කෙරෙන ආකාරය පිළිබඳවද සාකච්ඡා කරනු ලැබූ අතරම ඉන්දීය බැතිමතුන්ට පහසුකම් සැපයීම පිළිබඳවද සාකච්ඡා කරනු ලැබීය.

මේ අතර කච්චතිව් වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වීමට ලබාදෙන ප්‍රමාණය වැඩිකරන ලෙසටද ඉල්ලා යාපනයේ ධීවර සංගම් නියෝජිතයින්ගේ ඉල්ලීම් පිළිබවද විදේශ අමාත්‍යංශය හා ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් කිරීමටද පියවර ගන්නා බවට එහිදී සාකච්ඡා වී ඇත.

Related posts

ස්වාධීන රුපවාහිනියේ “බ්ලු” පෙන්වන ලනුව අගමැතිට දුන්නේ ඔහුගේම ලේකම්වරයෙක්

colombotoday

පාරේ චිත්‍ර අදින එක ගොං ජෝක් එකක්… තව ටිකක් අනාගන්නකල් අපි බලා ඉන්නව – හරීන්

colombotoday

ෂැංග්‍රීලා හෝටලය වසා දැමේ…

colombotoday

වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ භාවිතය සීමා කරන්න ඕන – රුපියල ගොඩගන්න හැටි මුදල් ඇමති කියයි

colombotoday

භාණ්ඩ වර්ග 843ක ආනයන සීමාවක් ඉවතට

Admin

ලංකාව අවදානම් රටක් ලෙස නම් කෙරේ… ලොව ආපදා බහුලම රටවල් අතර සිව්වැනි තැනට

colombotoday