ඉදිරියේදී රට විවෘත කරන අවස්ථාවේදි ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, එම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මේ වනවිට සකස් කරමින් පවතින බවය.
එළැඹෙන සිකුරාදා දිනයේදී කොරෝනා කාර්ය සාධක බලකාය රැස්වීමට නියමිතය.
පසුගිය අගොස්තු 21 වැනිදා පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන 01වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මකයි.