Colombo Today Local News

ඉපදී දින දෙකක කුළුදුල් බිලිඳා කොරෝනා බිලි ගනී

මෙරට සිදුවූ අඩුම වයසේ කොවිඩ් මරණය ඊයේ (28) දින වාර්තා වී තිබේ.

වැලිපැන්න, දිප්පිට පදිංචි මවක විසින් කළුතර නාගොඩ රජයේ රෝහලේදී මෙම මවගේ කුළුදුල් බිලිඳා බිහිකර තිබෙන අතර,ඉපදී දින දෙකකට පසුව බිලිඳා මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මෙම බිලිඳා කොවිඩ් වෛරසය වැළදීමෙන් මිය ගොස් තිබෙන බවයි වාර්තා වී තිබෙන්නේ.

බිලිඳු මෘතදේහය ඊයේ (28)දින පස්වරුවේ දී මතුගම ප‍්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී ආදාහනය සිදුකර ඇත.

Related posts

හිඟය මකන්න මුඛ ආවරණ ලක්ෂ විස්සක් පිටරටින්

colombotoday

අම්පාරේ සිට කොළඹට ගෙන එමින් තිබූ ඇමෝනියා අත්අඩංගුවට

colombotoday

මගේ පොටෝ එක අයිති පොහොට්ටුවට පමණයි !

colombotoday

මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනෙකුට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday

මාස තුනක දී ගිනිඅවි සෙල්ලම් 42ක්… ඝාතන 22ක් – වෙඩික්කරුවන් 9ක් අත්අඩංගුවේ

Admin

අද හෙටම මම කසිප්පු සංහාරය අරඹනවා

colombotoday