Colombo Today Local News

හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණයෙන් තීන්දුවක්

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යෑමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් කළැයි සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ඇවන්ගාඩ් සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුට එරෙහිව පනවා ඇති නඩු විභාගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (13) කැඳවිණි.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මුලික විරෝධතා මතු කරමින් සඳහන් කළේ මෙම චෝදනා ගොනු කිරිමේ දී අල්ලස් කොමිසමේ අවසරය වගඋත්තරකරුවන්ට ගොනුකර නැති හෙයින් එම නඩුව ගෙන යා හැකි නොහැකි බවත් සැකකරුවන් මුල් අවස්ථාවේදී මුදා හරින ලෙසයි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ අල්ලස් කොමිසමේ නිර්දේශය මත අධ්‍යක්ෂකවරිය මෙම චෝදනා ගොනු කර ඇති හෙයින් එම නඩුව පවත්වා ගෙන යා හැකි බවයි.

පැමිණිල්ලට මුලික විරෝධතා සම්බන්ධයෙන් ලිඛිත ස්ථාවරයක් ගොනු කිරිම මාර්තු 15 වැනි දා අවසර දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා අද (13) නියෝග කළේය.

Related posts

කිරිඇල්ලගේ ගෝලයන්ටත් විශ්වවිද්‍යාල වරම් !

colombotoday

ආර්ථික මධ්‍යස්ථාන රැසක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහතට

Admin

මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයි

colombotoday

‘රනිල් එළවන’ මෛත්‍රීගේ පාගමන මහනුවරින් ඇරඹෙයි… වියදම සිරසෙන් (Video)

colombotoday

Video – ඥානසාර හාමුදුරුවෝ පංසලේ ලීබඩු හමුදාවට දීලා බිම නිදාගත්ත හැටි

colombotoday

අන්තරේ විරෝධතාවයට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday