Colombo Today Local News

තවමත් පදිංචියට නොගිය සබීතාගේ හිස් බිල්ඩිම, කෘෂිකර්මයේ මිලියන 828ක් ගිලලා !!

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනත් පෞද්ගලික ගොඩනැගිල්ලකට රැගෙන යෑම වෙනුවෙන් අවුරුදු දෙකක් සඳහා අත්තිකාරම් මුදල් හා 2016 අප්‍රේල් සිට නොවැම්බර් මාසය දක්වා මාසික කුලී මුදල්ද ගොඩනැගිල්ලේ සුරක්ෂණ බැඳුම්කර සඳහා වන මුදල්ද වශයෙන් රුපියල් මිලියන 828ක මුදලක් වැයකර ඇති බව විගණන දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත.

මේ සා මුදලක් වියදම් කර ඇතත් තවමත් කුලියට ගත් ගොඩනැගිල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්යාලය ස්ථාපිත කර නැත්තේ මන්දැයි අමාත්‍යාංශ ලේකම් පී.බී. විජේරත්න මහතාගෙන් විමසූ විට කියා සිටියේ කාර්යාල උපකරණ හා ගෘහභාණ්ඩ සැපයීමේ ටෙන්ඩරයත් කාර්යාල කාමර සකස් කිරීමේ ටෙන්ඩරයත් දුරකථනය සහ පරිගණක ජාලගත කිරීමේ ටෙන්ඩරයත් ප්‍රදානය කළේ මෙම සතිය තුළ බැවින් එම කටයතු සම්පූර්ණ කරගැනීමට තවත් මාස තුනක පමණ කාලයක් ගතවිය හැකි බවත් කාර්යාලීය කටයුතු ඇරඹීමට තවත් මාස තුනක්වත් ගතවිය හැකි බවත් ය.

උක්ත ටෙන්ඩර් ප්‍රධානයන් කළ ඇස්තමේන්තු මුදල් කොපමණදැයි විමසූමුත් අදාළ පිලිලේඛන තමන් අත ඒ මොහොතේ නැති බැවින් එය හරිහැටි කිව නොහැකි බවද ලේකම්වරයා තවදුරටත් පැවසීය.

කෙසේ නමුත් මේ සා විශාල මුදලක් හිස් ගොඩනැගිල්ලක් වෙනුවෙන් වියදම් කරන ආණ්ඩුවට පසුගිය සමයේ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සහ ඇති වූ නියඟ තත්වයන් හේතුවෙන් වගා හානි සිදු වූ ගොවීන්ට අක්කරයකට රුපියල් පනස් දහසක වන්දියක් ඉල්ලද්දී එම ඉල්ලීමට කන් නොදී එය රුපියල් දහදාහක් දක්වා කේවල් කරමින් සිටියි.

මූලාශ්‍ර රාවය

පෙර පුවත්

කෘෂි අමාත්‍යාංශ ගොඩනැගිල්ල අගමැති ගනී.. කෝටි දෙකක කුළියට කෘෂි අමාත්‍යාංශය සබීතාගේ ගොඩනැගිල්ලකට යයි

කෘෂිකර්මයෙන් කුළියට ගත් සිනමා නිලියගේ බිල්ඩිමට තවත් කෝටි 26ක් බිලි !

බිලියනයක රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි ශ්‍රීලනිප මහ ලේකම්ට එරෙහිව ජනිපෙ අල්ලස් කොමිසමට යයි

Related posts

දින 40ක් තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 17,301 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

අවුරුදු 14 දී පාසැල් ඇඳුම පිටින් අරගෙන ගියා. තියා ගත්තේ චන්ද්‍රිකාගේ නිවසේ. පස්සේ මුස්ලිම් කරලා කසාද බැන්දා. දරුවෝ 3ක් එක්ක මම දැන් අනාතයි.

colombotoday

ඇලෝසියස්ට-පලිසේනට ඇප නොලැබෙයි.. මාර්තු 15 දක්වා රිමාන්ඩ්

colombotoday

“සභා ගර්භය තුළ පොදු දේපළ පනත, දණ්ඩ නීති සංග්‍රහය වලංගු නැද්ද?”

colombotoday

ටික් ටෝක් එකක් බාලවයස්කරුට මරු කැදවයි

colombotoday

2024 අයවැය නොවැම්බර් 13 වනදා මැතිසබයට

Admin