Colombo Today Local News

දින 40ක් තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 17,301 දෙනෙකු අත්අඩංගුවේ

ජුනි 6 වෙනිදා සිට ගතවූ දින 40 තුළ දී දිවයින පුරා සිදුකළ අපරාධ නිවාරණ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 17,301 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඉන් සැකකරුවන් 9,648 දෙනෙක් හෙරොයින් සමග ද 7,064 දෙනෙක් ගංජා සමග ද, 589 දෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ද පොලිස් බාරයට ගෙන තිබේ.

මෙම සැකකරුවන් සමග හෙරොයින් කිලෝ 13.3ක්, ගංජා කිලෝ 680.7ක් සහ අයිස් කිලෝ 4.2ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එසේම දිවයින පුරා සිදුකළ අපරාධ නිවාරණ වැටලීම්වලින් ගිනි අවි 172ක් ද සොයා ගෙන තිබේ. T -56 ගිනි අවි 11ක්, T -81 ගිනි අවියක්, බෝර 12 ගිනි අවි 48ක් ඒ අතර වේ.

වරෙන්තුකරුවන් 15,152ක් ද එම අපරාධ නිවාරණ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය24ක ජල කප්පාදුවක්

Admin

සතොස භාණ්ඩ 10ක මිල පහළට

Admin

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරමින් සිටිනවා. අවම වයස 18 කරනවා. | අධිකරණ ඇමති අලි සබ්‍රි කියයි

colombotoday

රන්ටැඹේ රක්ෂිත වානාන්තරයේ මහා දැව ජවාරමක්

colombotoday

කළුතර හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

පළාත් 4ක රජයේ වෛද්‍ය නිලධාරීන් අද වර්ජනයක…

Admin