Colombo Today Local News

සයිටම් ගැටළුවට ජනපතිගෙන් කමිටුවක් !

පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලූ සහගත තත්වයට විසදුම් ලබාදීමේදී ඒ සඳහා පත්කරන විශේෂ විද්වත් කමිටුවක නිර්දේශ පදනම් කරගැනීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සමග අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී පැවති විශේෂ සාකච්ඡවේදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙම සාකච්ඡවේදී මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කරගනිමින් මතුවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳ වෛද්‍ය සංගම් නියෝජිතයන් දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා වෙත කරුණු දැක්වූ අතර අදාළ ගැටළුවලට විසදුම් ලබාදීමේදී සැලකිල්ලට ගතයුතුව ඇතැයි ඔවුන් අදහස් කරන යෝජනා මාලාවන් දෙකක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත බාරදී ඇත.

එහිදී දෙපාර්ශවය වෙතින්ම ඉදිරිපත් වූ අදහස් පිළිබඳව අවධානය යොමුකළ ජනාධිපති ඒ පිළිබඳව තම ස්තුතිය පළකළ අතර ඊට විසදුම් ලබාදීමේදී සියලූම පාර්ශවයන් වෙතින් මෙන්ම රටේ අනෙකුත් ක්ෂේත‍්‍ර නියෝජනය කරන විද්වතුන්ගේ ද යෝජනා හා නිර්දේශ සැලකිල්ලට ගැනීමට අපෙක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව සියලූ පාර්ශවයන් වෙතින් ලබාදෙන යෝජනා හා නිර්දේශ ජනාධිපති විසින් පත්කරන විශේෂ විද්වත් කමිටුවකට යොමුකිරීමට නියමිත අතර එම විද්වත් කමිටුව මගින් ලබාදෙන නිර්දේශ පදනම් කරගනිමින් අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.

මෙම සාකච්ඡවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති වෛද්‍ය පී.එස්.එම්.ඒ.බී පාදෙණිය, එහි ලේකම් වෛද්‍ය එච්.එන්.ඞී සොයිසා, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක, එහි ලේකම් වෛද්‍ය විපුල වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී සිටියහ.

Related posts

වන අලි ප්‍රහාරයකින් බිලිඳෙක් ජිවිතක්ෂයට

colombotoday

නඩත්තු කටයුතු ප්‍රමාද කර විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා – නොයෙල් ප්‍රියන්ත

Admin

හිටපු ජනාධිපතිවරුන්ගේ හමුදා ආරක්ෂාව ඉවත් කරයි

Admin

මෙදා අවුරුදු සමයේ වෙළඳාම 40% කින් බැහැලා…

colombotoday

හොරු අල්ලන්න ආ ආණ්ඩුව මහබැංකුවේ යතුර හොරෙකුට දුන්නා.. ජනපතිගෙ කඩුව මලකඩ කාලා

colombotoday

කැනඩාවේ ලාංකික බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිමය කඩා දමයි…

colombotoday