Colombo Today Local News

ව්‍යාපාරික හිතවතාට බදු සහන දෙන්න රවී ගෙනා යෝජනාවට කැබිනට් විරෝධය !!

වාහන කොටස්‌ මෙරටට ගෙන්වා දේශීය වශයෙන් වාහන එකලස්‌ කිරීම සඳහා බදු සහන ලබාගැනීමට අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත්ව ඇති යෝජනාවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ලේකම් සහ ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා විරෝධය පළකර ඇත.

අදාළ ආයතනයට පමණක්‌ මෙවැනි බදු සහනයක්‌ ඉදිරිපත් කිරීමට එරෙහි වී ඇති අමරවීර මහතා විසින් එම බදු සහනය අවලංගු කිරීම සඳහා ඉදිරියේදී අමාත්‍ය මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට ද නියමිතය.

පසුගිය සතියේදී වෙහිකල්ස්‌ ලංකා පුද්ගලික සමාගමට භාවිත කළ වාහන කොටස්‌ එකලස්‌ කිරීම සඳහා සියයට 70 ක බදු සහනයක්‌ ලබාදීමට යෝජනා කරමින් අමාත්‍ය මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබිණි.

එක්‌ තෝරාගත් තනි සමාගමකට පමණක්‌ මෙවැනි විශාල බදු සහනයක්‌ ලබාදීමට ඇමැති අමරවීර මහතා විරෝධය පළකර ඇති අතර එම සමාගම දැනටමත් රේගු නීතිරීති උල්ලංඝනය කර ඇති බව ද පෙන්වා දී තිබේ.

පසුගිය රජය සමයේ ද අදාළ සමාගමට එරෙහි පරීක්‍ෂණ සඳහා නොයෙකුත් දේශපාලන බලපෑම් එල්ල වී තිබූ බව ද ඇමැති අමරවීර මහතා කීවේය.

උපරිම වශයෙන් වාහන 2250 කට අදාළව තුන් අවුරුදු කාලසීමාවකට යටත්ව භාවිත කළ වාහන කොටස්‌ එකලස්‌ කිරීම සඳහා සියයට 70 ක බදු සහන ලබාදීමට එම කැබිනට්‌ පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ බව ද වාර්තා වේ.

(දිවයින)

Related posts

ඉන්දියානු කාර් මිල නැවතත් ඉහළට !

colombotoday

බස්රථ 12.000ක් මැයි රැළිවලට ගිහින්.. රට පුරා මගී ප්‍රවාහනය බිද වැටේ

colombotoday

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක්

colombotoday

GSP+ මේ වසර අවසානයේ ලැබෙයි – අගමැති (VIDEO)

colombotoday

බෑණාගේ සමාගම යළිත් බැදුම්කර වෙන්දේසියේ

colombotoday

Video: නාගදීපේ නම වෙනස් කලොත් කොළඹ සියළුම දෙමළ නම් වෙනස් කරනවා – රාවණා බලය

colombotoday