Colombo Today Local News

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදන බල රහිත කෙරේ

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත පිළිබද නිකුත් කළ ගැසට් පත්‍රය බලරහිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

එහි ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම පනත් කෙටුම්පත පිළිබඳ සිවිල් සංවිධාන හා උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව පසුගිය කාලය තුළ කළ කරුණු දැක්වීම් සලකා බලා මේ පියවර ගත් බවයි.

මෙවැනි නීතියක් සම්පාදනය කිරීමේදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන අයිතිය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව එමගින් ඔවුන් පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ සිවිල් සංවිධාන , ශ්‍රී ලංකා නීතිඥ සංගමය , අපරාධ නීති ප්‍රතිසංස්කරණ අනු කමිටුව හා උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසුව සංශෝධිත කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය වෙත නැවත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අලි සබ්රි මහතා උපදෙස් දුන් බව අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

එම නීතිය ගෙනඒමට උනන්දු වූයේ බාලවයස්කරුවන්ගේ සුබ සිද්ධිය හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් නීති සකස් කිරීමට මිස භාෂණයේ නිදහස ට බාධා කිරීමට නොවන බව ද අධිකරණ අමාත්‍යංශය පෙන්වා දෙයි.

Related posts

නිදහස ලැබූ ඤාණසාර හිමියෝ සිරගෙයින් නික්මෙති !!

colombotoday

මැති ඇමතිලාට ගිනි අ-වි දස දහසක්

Admin

වෑන් රථයක් පෙරළී කතක් මරුට – 10කට තුවාල

Admin

ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙන උතුම් උඳුවප් පොහෝ දිනය අදයි

colombotoday

ඥානසාර හිමි කිවුව දේවල් සනාථ වුනා. වහාම නිදහස් විය යුතුයි – පා.ම තිලංග සුමතිපාල මහතා පවසයි

colombotoday

ඇමතිකමක් නොදුන්නැයි ෆොන්සේකා, රංගේ ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි…

colombotoday