Colombo Today Local News

වෑන් රථයක් පෙරළී කතක් මරුට – 10කට තුවාල

රැකියාවක් සඳහා විදේශගත වන ඥාතියෙකු කටුනායක ගුවන්තොටුපොළ වෙත ඇරලවා පැමිණෙමින් තිබූ වෑන් රථයක් පුද්ගලයින් 11 දෙනෙකු සමග පෙරළීගොස් තිබේ.

අද (16) උදෑසන මීගහතැන්න මංසන්ධිය ප්‍රදේශයේදී සිදුවූ එම අනතුරෙන් කාන්තාවක් මිය ගොස් අනෙක් 10 දෙනා තුවාල ලබා ඇත.

එලෙස මියගොස් ඇත්තේ විදේශගතවූ පුද්ගලයාගේ බිරිඳගේ මව බවයි වාර්තා වන්නේ.

මතුගම සිට හිනිදුම ප්‍රදේශය දක්වා ගමන්ගත් වෑන් රථය රියදුරුට නින්දයෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන එලෙස පෙරළී ගොස් ඇති බව මූලික විමර්ශවලදී හෙළිවූ බව මීගහතැන්න පොලීසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් මීගහතැන්න ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

පසුව ඉන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

Related posts

මත්පැන් මිලත් නගී… “බෝතලයක්” රු 255කින් ඉහළට!

colombotoday

උතුරේ නැවතත් ප්‍රචන්ඩ ක්‍රියා ඉහළ යෑමට හේතුව ආරක්ෂක අංශ අනාවරණය කරයි !

colombotoday

“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“

colombotoday

විදුලි විසන්ධි කරන්නේ කාලසටහනකට

colombotoday

බුද්ධ ශාසන ඇමති මඩකලපුව මංගලාරාමයේදී මාධ්‍යට කී කතාව (Video)

colombotoday

සේරුනුවර කලුපාලම අසලින් ජීව උණ්ඩ 1892ක්

colombotoday