Colombo Today Local News

ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලා 7ක් අත්අඩංගුවේ..

ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේදී ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ.

දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාළ වැටලීම ඊයේ (15) දහවල් සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

වැටලීමෙන් ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියෙකු සහ කළමනාකරණයට සහය වීම සම්බන්ධ තවත් සැකකාරියන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 22ත් 40ත් අතර වයස්වල පසුවන මීගහතැන්න, මැදිනිඔය, ගාල්ල, දිගන, හබරන්නාවල, රත්මලාන හා නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

සැකකාරියන් අද (16)දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජන

Admin

මහ බැංකුව රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණයි

colombotoday

මාස දහයක් තිස්සේ මටත්, මගේ පවුලටත්, එජාපයටත් පව්කාරයා සේ සලකා ගල් ගැසුවේ මේ ටික කියන්නද? රවී අසයි

colombotoday

දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

ඉන්දන මිල යලි සංශෝධනයක

Admin

නැකැත් නෑ… අධිවේගී මාර්ග මේ අවුරුද්දේ හදන්න වෙන්නෑ – ඇමති කිරිඇල්ල

colombotoday