Colombo Today Local News

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

තිහගොඩ නායිම්බල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සිදු කල වෙඩි ප්‍රහාරයකින් 14 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ (28) සවස බරපතල තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

හිසට වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලැබු එම සිසුවා මාතර මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

ත්‍රී රෝද රථයක් පොලිස් අණ නොතකා ධාවනය කල අවස්ථාවේ දී වැටලීමකට එම ප්‍රදේශයට ගොස් සිටි සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙකු පවසයි.

එහෙත් තුවාල ලැබු සිසුවාගේ පවුලේ ඥාතීන් එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසු ප්‍රදේශය තුල යම් උණුසුම් තත්වයක් හට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීමට උපදෙස් දුන් බව මාතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කර ඇත.

මාතර වැඩබලන පොලිස් අධිකාරී අයි.ජී.චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Related posts

දිනේෂ් ගුණවර්ධනගේ දකුණු අත ගැලවේ – උප සභාපතිත් පීල්ල මාරු කරයි

colombotoday

මල්වතු – අස්ගිරි මහනාහිමිවරු නව ව්‍යවස්ථාව විරුද්ධයි.. අස්ගිරි මහ ලේඛකාධිකාරී හිමියෝ තහවුරු කරයි

colombotoday

පිඟන් සංස්ථාවට උළු කැට වලින් විසිඑක් ලක්ෂයක පාඩුවක්

Admin

අලුත් සිපෙට්කෝ සභාපති වැටුප දෙගුණ කරගෙන?

Admin

මොරටුවේ ද්විත්ව ඝාතනයකට අනුබල දුන් 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

colombotoday

ජනපති-අගමැති එක මතයක නෑ… කැබිනට් සංශෝධනය අවුරුද්දෙන් පසුව ?

colombotoday