Colombo Today Local News

“2020දී රාජ්‍ය නායකත්වය, එජාප නායකත්වය දෙකම හම්බන්තොටට ගේනවා“ – සජිත්

2020 වසරේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙන්ම රාජ්‍ය නායකත්වයද හම්බන්තොට දිස්ත්‍රික්කයට ගෙන ඒමේ හැකියාව ඇති බව නිවාස ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හම්බන්තොට, සූරියවැව දී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඉන්දීය ජෝතිෂ්‍යවේදීයෙකු මෙන්ම වාස්තු විශේෂඥයකු වන එම්.එස්. රාමලිංගම් මහතා (M.S. Ramalingam – Astrologer & Vasthu Consultant ) පසුගිය දිනවල ලංකාවට පැමිණ සිටී අතර 2020 වසරේදී තරුණ දේශපාලනඥයකු මෙරට ජනාධිපති වන බවට ඔහු අනාවැකි පළකර තිබිණ.

මෙරට දේශපාලනඥයින් විශාල පිරිසක් එම ජෝතිෂ්‍යවේදීයා හමුවීමට ගොස් තිබු අතර සජිත් ප්‍රේමදාස මහතා ද ඔවුන් අතරින් කෙනෙකි.

Related posts

වැල්ලවත්තේ උණුසුම් තත්ත්වයක්… ගාලු පාර අවහිර වෙයි

colombotoday

ඥාණසාර හිමි චීවරය ගලවා ජම්පරය ඇදීම ප්‍රතික්ෂේප කරති, සිරගෙදරදී උපවාසයකට සැරසෙයි

colombotoday

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළ යයි

Admin

මන්නාරම, කත්කන්ඩකුලම් විහාරය අල්ලාගෙන කෙසෙල් වගා කරලා – පුරාවිද්‍යා භූමිය විනාසයි. බලධාරීන් නිහඩයි

colombotoday

කොටි සමරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බිත්තිය මත නියගලා මල පෙන්වයි. Photos

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත හානි 290 දක්වා ඉහළට… 500 කට පමණ තුවාල

colombotoday