Colombo Today Local News

පළමු කොවිඩ් එන්නත්කරණය යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත්, එන්නත්කරණය අද (29)දින යුද හමුදා රෝහලේදී ආරම්භ විය.

එහිදී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට පළමුව එන්නත ලබාදීමට පියවර ගත්තේය.

මේ අතර එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණේ සෞඛ්‍ය බලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියේය.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පළමු එන්නත ලබාදුන්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාටය.

ඒ අනුව බස්නාහිර පළාතේ රෝහල් 6 කදී එන්නත්කරණ කටයුතු අද ආරම්භ විය.

Related posts

විදුලියටත් මිල සූත්‍රයක්…

colombotoday

අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹේ

colombotoday

ගිරය පුප්පගෙන කෑ ගසනු පමණින් කිසිවෙකු දේශපේමීද නොවේ. | අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් සටහනක්.

colombotoday

කෝටිපති ව්‍යාපාරිකයෙකුට කන්‍යාවියන් විකුණලා.. | ගණිකා ජාවාරමේ නිරත ප්‍රසිද්ධ මෙල්ඩා අත්අඩංගුවට

colombotoday

අගමැතිගේ තීරණයකට ජනපති එරෙහි වෙයි.. ආණ්ඩුව ගිණියම් වෙයි.. ‘සම්මුතිය‘ දෙදරණ ලකුණු !

colombotoday

බත්තල විදුලි බලාගාරය අක්‍රීය වෙයි

colombotoday