Colombo Today Local News

දොම්පෙ ප්‍රාදේශීය සභාවේ නව සභාපති දිවුරුම් දෙයි

දොම්පෙ ප්‍රාදේශීය සභාවේ නව සභාපති කාරියප්පෙරුමගේ පියසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අද (29)දින විජේරාම පිහිටි නිල නිවසේ දී මෙම දිවුරුම් දීමේ අවස්ථාව පැවැත් වු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

දොම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට මෙලෙස කාරියප්පෙරුමගේ පියසේන මහතා පත්කෙරිණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මේ අතර, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලිපිකරු, කළමනාකරණ සහකාර, කාර්මික සේවා සංගමය කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 1.28ක මුදලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද(29) දිනයේ දී ප්‍රදානය කර තිබේ.

Related posts

ෆව්සිගේ මන්ත්‍රීධුරය මාසෙකින් අහෝසියි

colombotoday

මාර්ග අවහිර කිරීමෙන් බස් රථ රියදුරන්ටත් සේවයට යන්න බැරි වෙයි… අදත් බස් ධාවනයේ අඩුවක්

colombotoday

පොලිස්පතිට මානසික ලෙඩක් ?

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා යටතේ නඩු පවරයි !

colombotoday

සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වැසේ

colombotoday

වාර්ගික සංහාරයක්… ෂාෆි දොස්තරට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු !

colombotoday