Colombo Today Local News

“හමුදාව ලවා කංසා වගාකරනවා.. මහා සංඝරත්නයත් විරුද්ධ නෑ“ – රාජිත

කංසා වගාකිරීමේ යෝජනාවට මහා සංඝරත්නයේ විරුද්ධත්වයක් නොමැති බැවින් ඉදිරියේදී වගා කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (30දා) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ප්‍රාණජීව ආයුර්වෙිද නිෂ්පාදන 12 ක් එළිදැක්වීමෙි උත්සවයට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ශ්‍රී ලංකාවට අවශ්‍ය දේශීය ඖෂධ වර්ග රැසක් ඉන්දියාවෙන් ආනයනය කරනවා. අබිං එලෙස ආනයනය කරන එක ඖෂධයක්. කංසා වගාකිරීමේ යෝජනාව මම පසුගිය වසරේ ඉදිරිපත් කළා.

මහා සංඝරත්නය එයට විරුද්ධ වුණේ නම් නැහැ. ඒ නිසා හමුදාව යොදවා කංසා වගාකිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී දියත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. කංසා දුම්වැටි වගේ පානය කළොත් තමයි ප්‍රශ්නයක් තිබෙන්නෙ. ඖෂධයක් ලෙස භාවිත කළොත් කිසිදු ප්‍රශ්නයක් නැහැ” යැයි පවසා සිටියේය.

Related posts

අයවැය ප්‍රකාශය : ග්‍රාමීය පාසල් පහසුකම් දියුණු කිරීමට මිලියන 200 ක්. ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා

Admin

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

colombotoday

ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයින්ට ආරාධනාවක්

Admin

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනයෙහි ව්‍යාපාර කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

මන්ත්‍රීවරු සටන දිනයි… බදු රහිත වාහන බලපත්‍රය නැවත ලැබෙයි

colombotoday

අපරාධකරුවන්ට රටින් පනින්න හොර පාස්පෝට් හදපු 3ක් දැලේ..

Admin