Colombo Today Local News

පොලීසිය ඩයගම ප්‍රදේශයේ රැසකගෙන් ප්‍රකාශ ලබාගනි. – ඉෂාලිනිගේ සිරුර ගොඩ ගැනිමට දින කිහිපයක් ගතවෙන ලකුණු

රිෂාඩ් බදුර්ඩින් මන්ත්‍රිවරයාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් කොළඹ පොලිස් කොට්ඨාශයෙන් ඩයගමට පැමිණි ප්‍රධාන පොලිස් පරික්ෂක වරුණි බොගහවත්ත මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායම තවදුරටත් එම වතු යායේ කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනිම සිදු කරනු ලබයි.

ඩයගම පොලිස් වසමට අයත් ඩයගම වත්ත බටහිර කොටසේ පදිංචි කිහිපදෙනෙකුගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගනු ලැබුහ.

එම පොලිස් කණ්ඩායම (27) දිනයේ මිය ගිය දැරිය කොළඹට මෙහෙකාර සේවය සදහා රැගෙන ගිය තැරැව්කරුගේ පවුලේ සමාජිකයන්ගෙන් සහ මිය ගිය දැරියගේ පවුලේ සමාජිකයන්ගෙන් පැය 16 ක් ප්‍රකාශ ලබාගෙන ඇත.

ඉෂාලිනි දැරිය මිහිදන් කර ඇති ඩයගම බටහිර පොදු සුසාන භුමියට තවදුරටත් පොලිස් ආරක්ෂාව ලබාදි ඇත.

ඉෂාලිනිගේ සිරුර යලි ගොඩ ගැනිම සම්බන්ධයෙන් අනුගමනය කල යුතු නිතිමය තත්ත්වයන් පවතින නිසා සිරුර ගොඩ ගැනිමේ කටයුකු දින කිහිපයක් ප්‍රමාද විය හැකි බව නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සේවයෙන් විශ්‍රාම ගනියි.

colombotoday

ගල්කිස්සේ පාටිය ගැන හෝටලයෙන් නිවේදනයක්

Admin

වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක්

colombotoday

හෙරොයින් කිලෝ 25ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

අනවසරයෙන් නිෂ්පාදන දිනයන් වෙනස් කළ රූපලාවන්‍ය භාණ්ඩ අලෙවියට තහනම්

Admin

දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

colombotoday