Colombo Today Local News

“ආණ්ඩු කරන්න නෙවෙයි.. මහපාරේ ඇවිද ඇවිද ඉන්න සලස්වනවා“ ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

සැබෑ නොවන සිහින දකිමින් ආණ්ඩුව වෙනස් කිරීමට කවුරුන් කෙසේ උත්සාහ දැරුවත් එම අරමුණු ඉටු කර ගත නොහැකි බවත් ශක්තිමත්, ජාති හිතෛෂි ගුණවත් හා නැණවත් දේශපාලන ඥානයකින් යුතුව සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවත් එහි ඉදිරි ගමන 2020 දී තීන්දු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ෙපෙර්දා (28) මොණරාගල කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වංචාවට, දූෂණයට, නාස්තියට හා හොරකමට ඔටුනු පැළඳු අයට නැවත මේ රටේ පාලනයකට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

“එගොල්ලන්ට සඳාකාලිකව ආණ්ඩු කරන්න නෙවෙයි මහපාරේ ඇවිද ඇවිද ඉන්න අපි අවශ්‍ය වටපිටාව මේ රටේ හදනවයි කියන එක මම තමුන්නාන්සේලාට පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ” යැයි ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින්

Related posts

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

කෝකිලායි පන්සල ගලවා ඉවත් කරනු.. උතුරෙන් පිටවෙනු.. විහාරාධිපති හිමිට TNA තර්ජන

colombotoday

පාඨලීගේ රියදුරු බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

වෙනම රටක් ඉල්ලන්න සිවාජලිංගම් ජිනීවා යයි

colombotoday

ඉන්දු – ලංකා හනුමා පාලම හැදුවොත් පුපුරවනවා – ගම්මන්පිල

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලට එන ඩෙංගු වැලඳුණු ළමුන් ඉහළ යයි

Admin