Colombo Today Local News

ලංකාවට විණ කළ ලොක්කෝ හතරක් ට්‍රම්ප් නියෝගයෙන් ඉවතට.. ඊළාම් ඩයස්පොරාව කැළඹෙයි

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟමින් මානව හිමිකම් සමුළුවට ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් සිවුදෙනෙක්‌ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් කර ඇත.

නව රාජ්‍ය ලේකම් ලෙස රෙක්‌ස්‌ මිලර්සන් පත්වීම සහ මෙම නිලධාරීන් සිවුදෙනා ඉවත් කිරීම නිසා ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කැළඹීමට ලක්‌වී තිබේ.

ජිනීවා යෝජනාව කෙටුම්පත් කිරීමට මුල් වූ සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ ද එම යෝජනාව ඉදිරියට ගෙන යැම ගැන මෙතෙක්‌ ප්‍රකාශ කර නැත.

ඊළාම් ඩයස්‌පෝරාවට සහය දක්‌වන පිළිවෙතක්‌ අනුගමනය කළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්‍රම්ප් විසින් සුද්ධ කිරීම නිසා රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව සංවිධානය ද කනස්‌සල්ල පළ කර ඇත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඊළාම් බලය බිඳවැටීම නිසා ජිනීවා යෝජනාව සංශෝධනය කිරීමේ අරමුණින් නැවත සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජයට අවස්‌ථාවක්‌ උදාවී ඇත.

34 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව පෙබරවාරි 24 දා ආරම්භ වන අතර ඊට පෙර ජිනීවා යෝජනාව සංශෝධනය කළ යුතු වේ.

මේ අතර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තිබූ සිය බලය බිඳවැටීම නිසා ඊළාම් ඩයස්‌පෝරාව කඩිමුඩියේ ටැමිල්ස්‌ ෆෝ ට්‍රම්ප් නමින් සංවිධානයක්‌ ස්‌ථාපිත කර ඇත.

දිවයින

Related posts

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු අද සිට

Admin

වීෂ ශරීරගත කළ කතාව බොරුවක්.. පුණුරුත්ථාපනය වූ හිටපු LTTE සාමාජිකයන් කියයි

colombotoday

ගෝඨාභය පුටින් වගේ

colombotoday

ජනපති බැදුම්කරයේ දෙවන මෙහෙයුම අරඹයි

colombotoday

දේශබන්දු මාගේ නිවසේ නැත! කරුණාකර ඔබේ ඇඳ යට පරීක්ෂා කරන්න

colombotoday

සජබ කුරුණෑගල තරුණ සංවිධායක හෙරොයින් සමඟ අත්අඩංගුවට

Admin