Colombo Today Local NewsHot News

“රටේ ඒකීය භාවය නැති කරනවනාම්, අපේ දෑත්, දෙපා, නැවත දෙන්න“ – ආබාධිත රණවිරුවෝ

ජාතික සංවිධාන සම්මේලනය සංවිධානය කරන දීප ව්යාප්ත සම්මන්ත්රණ මාලාවේ අම්පාර දිස්ත්රික් සම්මන්ත්රණ පසුගිය දෙදින තුල දෙහිඅත්තකන්ඩිය, පදියතලාව, උහන සහ අම්පාර නගරය යන ස්ථාන වලදී පැවැත්විණි. “රට බෙදන ව්යවස්ථාව, රට විකුණන ETCA ගිවිසුම පරදවමු” යන තේමාවෙන් මෙම සම්මන්ත්රණ පැවැත්විණි.

ජාතික සංවිධාන සම්මේලනයේ සම්බන්ධීකාරක රියර් අද්මිරාල් සරත් වීරසේකර, දේශ හිතෛශී ජාතික ව්යාපාරයේ මහා ලේකම් වෛද්ය වසන්ත බණ්ඩාර, ගෝලීය ශ්රී ලංකා සංසදයේ සම්බන්ධීකාරක නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව සහ ජාතික විශ්ව විද්යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන යන මහත්වරු මෙහි දී දැක්වුහ. අම්පාර දිස්ත්රික්කය නියෝජනය කරන සිංහල පළාත් සභා මන්ත්රීවරු, හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරු සියලු දෙනාම පාහේ මෙන්ම අම්පාර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනි ශ්රියානි විජේවික්රම මහත්මිය ද මෙම රැස්වීමවල දක්නට ලැබීම විශේෂත්වයක් විය.

පදියතලාව ප්රදේශයේ පැවති රැස්වීමට දිගාමඩුල්ලේ ඈත දුෂ්කර ගම්මානවල සිට පැමිණි ආබාධිත රණ විරුවන් ගණනාවක් සහභාගී විය. ඒ අතර සිටි ආබාධිත නාවික හමුදා සෙබලු කලකට පසු සිය හමුදා නායකයකු වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා දැකීමෙන් පසු සංවේදීව අදහස් දක්වමින් “සර්, රටේ ඒකීය බව නැති කරනවානම් මහ එවුන්ට කියන්න අපේ නැතිවුන කකුල් අතපය පෙනීම දීල ඊට පස්සේ රට ෆෙඩරල් කරන්න” යැයි කියමින් කඳුළු සලන්නට විය. එය පැමිණි සිටි සියලු දෙනා දැඩි සංවේගයට පත් කල සිදුවීමක් විය.

Related posts

මුලතිව් කෝපාපිලව්, ඉඩම්වලින් ගුවන් හමුදාව ඉවත් වෙයි

colombotoday

අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු ජූනි 3 වන දා සිදු කෙරේ

colombotoday

මධ්‍යම මැති, ඇමති, නිලධාරී තොගයක් චීන සවාරියේ.. වියදම ලක්ෂ 150යි

colombotoday

පුරවැසි බලයට සාධාරණ සමාජය උරණ වේ.. යහපාලක සභාවේ ගුටි කෙළියක් 99න් වළකී !

colombotoday

කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා

colombotoday

ලක්ෂ්මන් යාපාට නඩු!

Admin