Colombo Today Local News

බැසිල් දිවිනැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස්

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්ද දායකයින් පෙළඹවීමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදාහැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම තීන්දුව ලබා දුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, එම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි පැමිණිල්ලේ චෝදනා ඔප්පු කිරීමට නොව ඒවා බැහැර කිරීමට හේතුවී ඇති බවය.

එම නඩුවේ චෝදනා එල්ල වන ලිත් මුද්‍රණය කිරීම හා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් පටිපාටියකට අනුව සිදුවී ඇති බව සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බවත් ඒ සඳහා දැරූ වියදම් විසර්ජන පනතේ ප්‍රතිපාදනවලට අනුව භාණ්ඩාගාර අනුමැතියට යටත්ව සිදුකර ඇති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂිවලින් විත්ති කරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව තීන්දු කළ විනිසුරුවරයා ඒ අනුව විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දු කළේය.

එමෙන්ම අධිකරණය මඟින් විත්තිකරුවන්ට එරෙහිව යම් විදේශ ගමන් තහනමක් පනවා තිබුණේ නම් ඒවා ඉවත් කරන ලෙස අධිකරණය භාරයේ තැන්පත් කර ඇති විත්තිකරුවන්ගේ ඇප මදල් මුදාහැරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

Related posts

වර්තමාන ජනාධිපති ජනපතිවරණයත් කල්දානවා – ජී. එල්. පීරිස් කියයි

Admin

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්. පිරිස විසුරුවා හැරීමට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

උතුරේ කොටි පවුල් නඩත්තුවට රජයෙන් මිලියන 25ක් !

colombotoday

පිටරටින් වැඩමවන බුදු පිළිම වහන්සේලා ගැන රජයෙන් නිවේදනයක්

colombotoday

QR කේතයට පිටින් ගිය IOC පිරවුම්හල් 26 කට ඉන්ධන සැපයීම අත්හිටුවයි

Admin

ශ්‍රී ලංකාවේම නිපද වූ Quadricycle රථය ළගදීම වෙළදපොලට !

colombotoday