ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථක බැවින් සිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
සිය ඉල්ලීම් 25න් 10ක් සඳහා සාධනීය පිළිතුරු හිමිවූ බවඑම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා පවසා සිටි.
ඒ අනුව හෙට (29) සිට සුපුරුදු රාජකාරියේ යෙදෙන බවද පැවසු ඒ මහතා, දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට ආරම්භ කරන නමුත් සියලු දුම්රිය හෙට සිට ධාවනය නොවන බව ද සදහන් කරයි.