Colombo Today Local Newsfeatured

ත්‍රස්තවාදීන් තුරන් කිරීමට සහයෝගය දෙන්න. නැත්නම් ඔබගේ දරුවන්ද බෝම්බකරුවන් බවට පත්වේවි. | රිෂාඩ්ගේ බිරිඳට බොදු බලෙන් පිළිතුරු ලිපියක්

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ විසින් ඊයේ (3) දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුනා. එහි අඩංගු කරුණු පිළිබඳව බොදු බල සේනා සංවිධානය විසින් අද (4) පිළිතුරු ලිපියක් යවා තිබෙනවා.
අදාළ ලිපිය…

විවෘත ලිපියයි. 2021 මැයි 4

පුත්තලේම අනාථ කඳවුරක සිට ධනකුවේරයෙක් වූ,
පාස්කු ප්‍රහාරයට පහසුකම් සැපයීමේ චෝදනා මත අත්අඩංගුවේ සිටින
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් වෙත ලියමි,

සාවධ්‍ය කරුණු ඇතුලත් කර ජනපතිවරයාට සහ මාධ්‍යයට යොමු කල ලිපිය සම්බන්ධවයි.

මහත්මියනි,

ඔබගේ සැමියා වන රිෂාඩ් බදුර්දීන් මැතිවරණ අවස්ථාවල ඔබ සමග ඡන්දය භාවිතා කිරීමට යන අවස්ථා රූපවාහිනියෙන් සහ පුවත්පත්වලින් අප දැක ඇත්තෙමු. එම දර්ශනවල රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ලෙස හඳුන්වා ඇත්තේ ඔබ වන්නට ඇතැයි අප සිතමු. අනන්‍යතාවය හඳුනාගැනීමට නොහැකි වන ලෙස “වහබ් ගේ පුත් මුහම්මද්”(Muhammad ibn Abd al-Wahhab) ලෝකයට ගෙනා ආගමික උන්මත්තකවාදී, ත්‍රස්තවාදී “වහබ්වාදය” ට අනුව කලු ලෝගුවකින් සැරසී සිටීම හේතුවෙන් ඒ ඔබමදැයි අපි නොදන්නෙමු. “වහබ්වාදය”ට අනුව කටයුතු කිරීම ආකාර දෙකකට සිදුවන්නට පුළුවනි. එකක්නම් ඔබගේ කැමැත්තෙන් “වහබ්වාදය” ට අනුව කලු ලෝගුවකින් සැරසී සිටීමයි. අනෙකනම් ඔබගේ සැමියාගේ උවමනවාට “වහබ්වාදය” ට අනුව කලු ලෝගුවකින් සැරසී සිටීමයි.

කෙසේ වෙතත්, ඔබ විසින් යොමුකලා යැයි සඳහන් කරන ලිපිය ලියූ තැනැත්තා හෝ තැනැත්තිය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිළිබඳව සඳහන් කර ඇති කරුණු සහ පාස්කු ප්‍රහාරයට හේතු ලෙස ඔහු හෝ ඇය පිළිගන්නා කරුණු පිළිබඳව අපට විවේචනයක් ඇත. පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර නොමැති කරුණු සඳහන්ව තිබෙනවා යැයි එම ලිපියේ සඳහන් කර ඇත. පාස්කු ප්‍රහාරකයන්ට පහසුකම් සැපයීම පිළිබඳව සැක පිට සිටින රිෂාඩ් බදුර්දීන් නිදහස් කර ගැනීම සඳහා දේශපාලන අරගලයක් කිරීමට සුදානම් වනවානම්, අවම වශයෙන් ලිපි ලියන්නා හෝ පාස්කු වාර්තාව කියවිය යුතුව ඇති බව අපි මතක් කර සිටිමු.

ඔබ යොමුකළ ලිපියේ ” Furthermore, the PCoI report had found Gnanasara Thero and his activities as one of the main reasons behind the scene for this attack. But still, neither he nor the others who were identified as responsible for the attacks as per the report have been arrested or investigated.” ලෙස සඳහන් කර ඇත.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ උන්වහන්සේගේ ක්‍රියාකාරකම් පාස්කු ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් ලෙස ඔබ සඳහන් කර ඇත. එවැනි දෙයක් කොමිෂන් සභා වාර්තාවේ කිසිම තැනක සඳහන් කර නොමැත. පාස්කු කොමසමේ අවසන් වාර්තාවේ නොමැති කරුණක් තෙබෙනවා යැයි සඳහන් කිරීම කොමිෂන් සභාවට සිදුකල අපහාසයකි.

එමෙන්ම 1950 දශකයේ සිටීම මුස්ලිම් සමාජයේ විවිධ පුද්ගලයන් විසින් සිදුකල අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් කර ඇත.

ඔබගේ සැමියාගේ සගයින් සහ දේශපාලන ක්‍රියාකාරිකයින් නියෝජනය කරන තබ්ලිග් ජමාත්, ඉහ්වාන් මුස්ලිම්, ජමාතේ ඉස්ලාම් සහ තවුහිඩ් කල්ලි මෙරට මුදා හැර ඇති අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව කොමිෂන් සභා වාර්තාවේ කරුණු ගණනාවක් ඇත. එම සංවිධාන විසින් මරාගෙන මැරෙන ක්‍රියාව සාධාරණිකරණය කර සිදු කල ප්‍රකාශන, ඔවුන් විසින් සිදුකර ඇති ප්‍රහාර ඇතුළු කරුණු ඔබට මග හැරීම පුදුම සහගතය.

අදාළ ලිපිය මගින් සහරාන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ශ්‍රී ලංකාවේ දියත් කිරීමට පාදකවුණු හේතු 10 න් 8ක් ඔබ පිළිගන්නා බව පවසා ඇත. සහරාන් විසින් පටිගත කර තිබූ අවසාන ප්‍රකාශයෙ සඳහන් කරුණු දහය අතුරින් පදනමක් නොමැතිව කරුණු දෙකක් හිතා මතා අතහැර දැමීමට ඔබ කටයුතු කර ඇත,

එනම් කුරානයේ එන ඉගැන්වීම්වලට අනුව සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන බවට සඳහන් කර ඇති කරුණු දෙකයි.

“බටහිර අප්‍රිකාවේ කුරුස යුද්ධයේ හවුල්කාර පාර්ශවයක් බවට ශ්‍රී ලංකාව පත්වීම.”
“ඉස්ලාමය නොඅදහන්නන් දුටු දුටු තැන මරා දැමීමට අල්ලාහ් දෙවියන් විසින් දී ඇති නියෝගය.”
(පාස්කු කොමිෂන් අවසන් වාර්තාව. – සිංහල පරිවර්තනය, පිටු අංක 153)

එමෙන්ම මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා හේතුවූ ප්‍රධාන කරුණු 4 අතුරෙන් පළමු කරුණ ද ඔබට මගහැරී ඇත,

අල්ලාහ් වෙනුවෙන් අල්ලාහ්ගේ නාමයෙන් ප්‍රේම කිරීම සහ අල්ලාහ්ගේ නාමයෙන් වෛර කිරීම. (අල් වරා-වල් බරා)
(පාස්කු කොමිෂන් අවසන් වාර්තාව. – සිංහල පරිවර්තනය, පිටු අංක 151)

ප්‍රහාරයට හේතු ලෙස ඔබ විශ්වාස කරන කරුණු අතර 3 වැනි කරුණ ලෙස සඳහන් කර ඇති කරුණ එනම්
“Galagoda Aththe Gnanasara Thera claiming that Allah will be reborn.” සම්පුර්ණයෙන්ම අසත්‍ය කරුණකි. ඥානසාර හිමි එවැනි කරුණක් කිසිදු අවස්ථාවක සඳහන් කර නොමැත.

සහරාන් හෂීම් ප්‍රමුඛ ඉස්ලාම් අන්තවාදී කල්ලියක් විසින් පාස්කු දින ප්‍රහාරය එල්ලකිරීමට පෙර මෙවැනි ප්‍රහාර එල්ලවීමට නියමිත බවට බොදු බල සේනා සංවිධානය සහ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අනතුරු ඇඟවීය. ඔබලාගේ සමාජයෙන් ගොඩනැගුනු අන්තවාදය තලා දැමීම වෙනුවෙන් ඔබගේ ස්වාමිපුරුෂය එකදු හෝ ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද? ඔහු සිදු කලේ ඉස්ලාම් අන්තවාදයක් නොමැති බවට පුරාජේරු දොඩමින් සහරාන්ලාට නිදහසේ වැඩීමට අවශ්‍ය වාතාවරණය රට තුල නිර්මාණය කිරීමයි. ස්වයං ඝාතකයන් සමග සමීපව ගනුදෙනු කිරීමයි.

ඔබට මොලයක් ඇත්නම් කල යුතු දෙය වන්නේ, ඉස්ලාම් ත්‍රස්තවාදීන්, ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට ඔවුන්ට ආදාර අනුබල ලබා දෙන්නන් කොටු කර ගැනීමට ආරක්ෂක අංශවලට සහයෝගය ලබා දීමයි. නොඑසේනම් ඔබගේ දරුවන්ද යම් දිනක ආගමේ නාමයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත්වීමට ඉඩ කඩ ඇත.

බොදු බල සේනා මාධ්‍ය අංශය.

පිටපත් : අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
සියලුම මාධ්‍ය ආයතන වෙත

Related posts

රට Lock Down කළොත් එදා වේල හම්බකරන් කන මිනිස්සුන්ට මොකද වෙන්නේ ?

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගයනවට විරුද්ධ වන්නේ රට බෙදන්න කැමති අයයි – අජිත් පී පෙරේරා

colombotoday

හොරු අල්ලන පනත් ගේද්දි එපා කියන්නේ හොරු අල්ලන්න කියන අයමයි

Admin

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කුරානයයි. | විරුද්ධවදියාව රැකසිට මරන්න කියලත් තියෙනවා. – අජිත් ප්‍රසන්න.

colombotoday

ඥානසාර හාමුදුරුවෝ එළියට එනවට සමහර හාමුදුරුවරුත් කැමති නෑ එයාලගේ මාකට් එක බහී කියලා කොටුවෙ හාමුදුරුවෝ කියති

colombotoday

පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35ක් ගෙදර යයි

Admin