Colombo Today Local News

ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් අද රැස්වේ

ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (28)දින පැවැත්වේ.

අද පස්වරු 6.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් පැහැදිළි කරන ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ, “වර්තමාන දේශපාලන තත්ත්වයන් සහ නව වසරේ වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙනවා,” යනුවෙනි.

අදාළ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිත බව වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා ඊයේ (27)දින ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් සමගි ජනබලවේගයේ බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සඳහන් කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනතා න්‍යාය පත්‍රයට අයත් නොවන්නක් බවය.

මධ්‍යම පළත් හිටපු මහා ඇමති සරත් ඒකනායක මහතා පැවසුවේ නව ක්‍රමවේදයකට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවය.

“මගේ පෞද්ගලික අදහස පළාත් සභාව සුදුසුයි. හැබැයි වෙනස්විය යුතු ගොඩක් දේවල් තියෙනවා. රුපියල් මිලියන 33,000ක් වැටුප් ගන්න කණ්ඩායමෙන් මිලියන 4000ක වැඩනම් කෙරෙන්නෙ ඒක වෙනස් වියයුතුයි,” යනුවෙන් ඔහු එහිදී පෙන්වා දුනි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර නව ව්‍යවස්ථාව යටතේ ඒ පිළිබඳ සමාලෝචනයක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්යය රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කළේය.

එහිදී, “මේ කාරණාව අපේ අත්දැකීම් අනුව විමසා බැලිය යුතුයි,” යනුවෙන් මහාචාර්යය රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කළේය.

Related posts

හිටපු ජනපති අදත් කොමිසමේ

colombotoday

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

Admin

නිෂ්පාදන බදු ඉහළ ගිහින්.. අරක්කු කම්හල් 25ක් වසා දමන්න වෙයි

colombotoday

ISIS ත්‍රස්ත සංවිධානය ලංකාවේ තහනම් කරන්න.. හෙළ බොදු සවියෙන් ජනපතිට ලිපියක්

colombotoday

සඳහිරු සෑයට රත්‍රං දුන්නේ ආරක්ෂක මණ්ඩලයේ තින්දුවකටයි. – නිලධාරීන්ගෙන් පලිගැනීම වැරදියි. හිටපු ජනපති

colombotoday

රඹුක්කන ගම්මාන හතක් වසා දමයි.

colombotoday