Colombo Today Local NewsUncategorized

ප්‍රමිති ආයතනයේ අනුමැතියද අතුව සතොසාට කුණු සැමන් ටින් යවලා

ආහාර පාලන අධිකාරියේ අනුමැතිය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතියද හිමි ව සතොසට නිකුත් කළ සැමන් ටින් ලක්ෂ ගණනක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව අනාවරණය වෙයි.

ආනයනකරුවන් විසින් නිදහස් කර නොගැනීම නිසා සතොස ආයතනයට ලබාදුන් සැමන් ටින් දෙලක්ෂ විසිදහසක් සඳහා රුපියල් කෝටි පහක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට මෙතෙක් ගෙවා නැති බව ට ලැබුණු පුවතක් පිළිබඳ සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් ගෙන් විමසූ අවස්තාවේදී මේ තොරතුර අනාවරණය විය.

මෙම වස‌රේ ජුනි මස හත්වැනිදා ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් මෙම සැමන් ටින් සතොස වෙත ලබා දී තිබේ.

පෞද්ගලික ආනයනකරුවනකු කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්ත සමාගම වෙත ආනයනය කර තිබූ සැමන් ටින් තොගය දින විසිඑකක කාලයක් තුළ නිදහස් කරගෙන නැත. එවැනි භාණ්ඩ වෙන්දේසි කිරීමකින් තොරව ලංකා සතොස වෙත ලබාදීමට ඇමැති මණ්ඩල තීරණයක් ලබාගෙන තිබේ.

රුපියල් 325ක් ලෙස මිල සටහන්ව තිබූ සැමන් ටින්එකක් සතොස ආයතනයට අලෙවි කර ඇත්තේ රුපියල් 225කටය. මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවස්ථා කිහිපයකදී සතොස දැනුවත් කර ඇතත් මේ වන තෙක් මුදල් ලැබී නැත.

මේ පිළිබඳව සතොස සභාපති පවසන්නේ මෙම සැමන් පරිභෝජනයට නුසුදුසු බවට පැමිණිලි ලැබුණු බවයි. එම නිසා අලෙවිය නතර කළ අතර අලෙවි කළ සැමන්වලට පමණක් අදාළ මුදල වරාය අධිකාරියට ගෙවීමට කැමැත්ත පළ කරමින් වෙළෙඳ අමාත්‍යාංශය දැනුවත් කළ බවද ඔහු කියා සිටි.

Related posts

අර්ජුන රණතුංග වරාය හා නාවික අමාත්‍යංශයෙන් දොට්ට?

colombotoday

ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබා දෙන්න : මැතිවරණ කොමිෂමෙන් දැනුම් දෙයි

colombotoday

වගාවට එන සතුන් මරන්න අපිට බෑ-ගොවි සංවිධාන

Admin

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

Admin

මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

මනෝ තිත්තවැල්ල අත්අඩංගුවට ගන්න

colombotoday