Colombo Today Local News

ඝාතනය කෙරුණු මන්ත්‍රී අතුකෝරළට කෝටියක වන්දි – මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10ට වැඩිවෙයි?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණ මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාවේදී මෙම ප්‍රශ්නය සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී කතානායකවරයා මේ බව දැනුම්දී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුට දැනට ලැබෙන වෛද්‍ය රක්ෂණයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි.

පවතින ආර්ථිකය තත්වය යටතේ සියලුම වෛද්‍ය සේවා ඉහළගොස් ඇති හෙයින් එම රක්ෂණ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාට පෙන්වා දුන්හ.

මේ අතර සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවෙ දී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ඒ මහතාගේ පවුලේ උදවිය සඳහා රුපියල් කෝටියක වන්දි මුදලක් පිරිනැමීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී පසුගියදා තීරණය කෙරිණ.

අතුකෝරල මහතා වෙනුවෙන් සැළකියුතු වන්දි මුදලක් ලබා දෙන ලෙස මැති ඇමැතිවරු ගණනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.

Related posts

මැකොට එරෙහිව උපවාසයක යෙදුණු ටී.එන්.ඒ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

මිලියන 23ක කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක

colombotoday

“දමිළයනි නැගිටිව්.. සිංහල බෞද්ධයන් උතුරට එපා“ රජයේ ලිපි ශීර්ෂයෙන් විග්නේෂ්වරන් ලිපි යවයි

colombotoday

ගිලන් වූ සෝභිත හිමි සිංගප්පූරුවට.

colombotoday

බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරු 19කට ස්ථාන මාරු

colombotoday

මහාචාර්ය නීලිකා මලවිගේට WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ තනතුරක්

colombotoday