Colombo Today Local News

විල්පත්තු සංහාරය යලි ඇරඹෙයි.. අක්කර 700ක් දැනටමත් ඉවරයි (Video/Photo)

විල්පත්තුව ජාතික වනෝද්‍යානය වටා ආරක්ෂාවට පිහිටා ඇති පරිවාර රක්ෂිත වනාන්තර පද්ධතිය නැවතත් විනාශ කිරීම අරඹා තිබේ. විල්පත්තුව ජාතික වනාන්තර සීමාවේ පිහිටි මාවිල්ලුව වන රක්ෂිතයට උතුරින් පිහිටා ඇති අක්කර 5425 ක විශාලත්වයකින් යුත් අතර විලත්තිකුලම් රක්ෂිතයේ අක්කර 750 ක භූමියක් මෙසේ වන සංහාරයට නැවතත් ගොදුරුවී තිබේ.

ඒ පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මන්නාරම දිස්ත්‍රික් කාර්යාලයෙන් කළ විමසීමේදී කිසිවක් පැවසීම ඉදිරිපත් නොවුනද එක හෙළා පවසා සිටියේ 2014 හෝ 2015 වසර වලදී එකදු බිම් අඟලක් ලබාදී නැති නමුත් 2012 සහ 2013 වසර වලද යම් ඉඩම් ප්‍රමාණයක් ලබාදී ඇති බවය.

විල්පත්තුව වෙනුවෙන් පෙනී සිටින පරිසර සංවිධාන එකමුතුව පවසා සිටින්නේ මෙම රක්ෂිත වනාන්තර කිසිදු ආකාරයකින් පවරාදීමක් සිදුව නැති බවත් එසේ නම් එය ගැසට් කිරීමක් සිදුවිය යුතු බවයි. මෙම විලත්තිකුලම් වන රක්ෂිතය විල්ලු රැසකින් පිරී ඇති බවත් අලි ඇතුන් හා වන සතුන්ගෙන් පිරි වන රක්ෂිතයක් වන අතර එවැන් පරිසරයක් වැනසීම තුළින් විල්පත්තුවට සිදුවන හානිය සුළු පටු නැති බවද පරිසර සංවිධාන එකමුතුව පවසයි.

[fbvideo link=”https://www.facebook.com/protectvilpattu/videos/1918133588414409/” width=”500″ height=”400″ onlyvideo=”1″]

යහපාලන රජය විසිනුත් විලත්තකුලම් රක්ෂිතය වනසා ඉදි කල ගම්මාන සඳහා සංවර්ධන වැඩසටහන් දියත් කර ඇති අයුරු.
තව්හීඩ් ජමාත් අන්තවාදීන් ද ප්‍රදේශය ආක්‍රමණය කර ඇති බවට සලකුණු.
Ministry of Disaster Management OR Ministry of Disaster Creation?? මේ විල්පත්තු වනාන්තර පද්ධතියේ උතුරු ප්‍රදේශයේ පිහිටි විලත්තකුලම් රක්ෂිත මායිමෙන් ඇතුල් පැත්තේ ඉදි වෙමින් පවතින සින්න පිල්ලච්චි පොට්කෙර්නි ගම්මානයයි. ලිඳක් සෑදීම සඳහා සවි කර ඇති මේ පුවරුවට අනුව ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් මෙය 2014.11.25 වන දින ආරම්භ කර 2014.12.08 දින වන විට අවසන් කර ඇති බව පෙනේ. එනම් මේ සඳහා ගත වී ඇත්තේ දින 13 කි. එමෙන්ම ඒ සඳහා වියදම් වූ මුදල සඳහන් කර නැත. මේ පුවරුව මගින් කියවෙන රහස කුමක්ද? 2014.12.08 යනු හරියටම 2015 ජනවාරි 08 වනදා පැවැත්වූ ජනාධිපතිවරණයට මසකට කලින් නාම යෝජනා ආරම්භ කල දවසයි. රාජපක්ෂ සමයේ රිෂාඩ් බදුර්දීන් විසින් අත්තනෝමතිකව ක්‍රියාත්මක කරගෙන ගිය මෙම ගම්මාන ඉදිකිරීමේ වැඩපිළිවෙල රාජපක්ෂලා පැරදීමට පෙර නීත්‍යනුකුල කරගැනීමට දරූ උත්සහයක් මෙයින් පෙනේ.

ඡායාරූප Protect Wilpattu  ෆේස්බුක් පිටුවෙන්

Related posts

පුංචි ඡන්දයත් හයිබ්‍රිඩ් ක්‍රමයට

colombotoday

දරුවන් බියවද්දමින් හිංසා කළැයි පොලිසියට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

අපි ව්‍යාපෘති කලාට මහජනතාව ඒ ගැන දන්නේ නෑ.. ඒක හරිම ඛේදවාචකයක්. – සගලගෙන් මාධ්‍ය අමාත්‍යංශයට චෝදනාවක්?

colombotoday

බුර්කාව ගලවා එන්නැයි කළ ඉල්ලීමක් හේතුවෙන් හෝමාගම රෝහලේ වෛද්‍යවරියක් සේවයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නොතීසි

Admin

මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම කිසිසේත් නොතැකේ..! “අපි ව්‍යවස්ථාව කෙටුම්පත් කරනවා” – ව්‍යවස්ථා කොමිටිය

colombotoday