Colombo Today Local News

මැලේසියාවේදී අල්ලා එවූ කොටි සැකකරුවෙක් නීතිපති උපදෙසින් නිදොස්කොට නිදහස්!

malesia ltte 232

එල්.ටී.ටී.ඊ සංවිධානයට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා ලැබ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු නීතිපතිවරයාගේ උපදෙස් මත අදාළ චෝදනා වලින් නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඊයේ 24 නියෝග කළාය.

මෙලෙස මුදාහැරුණේ යාපනයේ පදිංචි සෙල්වදොරේ ගිරිබාදරන් නමැත්තාය. මොහු 2014 ජනවාරි 13 දා මැලේසියාවේදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරට ත්‍රස්ත විමර්ශන කොට්ඨශය වෙත භාරදී තිබිණි.

සැකකරු වසර දෙකක් මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බවත්, නීතිපති උපදෙස් අනුව මොහුට නිදහස ලබා දෙන ලෙසත් සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ ඒ.සී. ඉස්මයිල් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව මෙම සැකකරු නිදහස් කරන ලෙසට නීතිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් ප්‍රකාරව ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අධිකරණය මොහු නිදහස් කරන ලෙස නියෝග කළේය.

Related posts

සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ඇරඹේ

Admin

රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව තීරණය කරයි

colombotoday

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහභාගීත්වයෙන් අද මහජන සම්මන්ත්‍රණ සභාවක්

colombotoday

මෝදර, ලෙල්ලමේ ධීවර බෝට්ටු 7ක් අළු වෙයි

Admin

යාපනේ බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවේ

colombotoday

පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35ක් ගෙදර යයි

Admin