Colombo Today Local News

පෑලියගොඩ පට්ටිය හන්දියේදී හෙරොයින් ග්‍රෑම් 142ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

පෑලියගොඩ පට්ටිය හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 142ක් සමග සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (26)දින අත්අඩංගුවටගෙන තිබේ. සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර මෝදර ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 6ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙන බව වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 100කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා විවිධ ස්ථානවලදී සිදුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ අනුව සැකකරුවන් රැසක් අත්අඩංගුවටගෙන ඇති බවද එවැනි වැටලීම් අඛණ්ඩව සිදුවන බවද සඳහන් කර ඇත.

Related posts

දිවිසැරියට සමු දුන් ගාමිණී ජයවික්‍රම

Admin

බදු වැඩි කිරීම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

නිරෝදායන නීති කියා දෙන්න ගිය PHIට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න..

Admin

ආණ්ඩුව මන්ත්‍රී වාහනේ බරත් ජනතාවට පටවන්න හදනවා

Admin

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ආයෝජකයෝත් යන්න ගිහින්

colombotoday