Colombo Today Local News

නිරෝදායන නීති කියා දෙන්න ගිය PHIට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්

ගිරිබාව පොලිස් වසමේ තිඹිරිපොකුණ ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධාකළ පුද්ගලයින් දෙදෙනෙකු ගිරිබාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආදළ පුද්ගලයින් දෙදෙනා ඊයේ (02) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මුඛ ආවරණ පැලඳ නොසිටි අදාළ පුද්ගලයින් දෙදෙනාට ඒ සම්බන්ධයෙන් අවවාද කිරීමේ දී ඔවුන් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පරුෂ වචනයෙන් බැනවැදී අතින් පහරදීමක් සිදුකර ඇති බවය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 24 හා 42 යන වයස්වල පසුවන තිඹිරිපොකුණ හා අශෝකපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවටගත් පුද්ගලයින් දෙදෙනා ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

සැප්තැම්බර් 19 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

colombotoday

ජනපති වියානා ඇලට වැට බඳී

colombotoday

නිවසක් ගිනිගෙන තිදෙනෙක් රෝහලේ

colombotoday

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස්ට වෙනත් තනතුරක් – රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගය අවසන් වෙන ලකුණු

colombotoday

වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නැහැ – ලාෆ්ස් ගෑස් සමාගම කියයි

Admin

ගාල්ලේ ගම්මාන 7කට දැඩි සංචරණ සීමා

colombotoday