Colombo Today Local News

ගෙදර යන්න කලින්, දෙමළ ඩයස්පොරාවට ඔබාමාගෙන් තෑග්ගක් !

එල්. ටී. ටී. ඊ. සංවිධානය ඇමරිකාවේ තහනම් ලැයිස්‌තුවෙන් ඉවත් කරන ලෙස ඩයස්පෝරා දෙමළ සංවිධාන විසින් බැරක් ඔබාමාගෙන් ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

එල්. ටී. ටී. ඊ. සංවිධානය ත්‍රස්තවාදී තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කිරීම හේතුවෙන් බොහෝ දෙනෙකු ප්‍රශ්ණ හා බලපෑම්වලට මුහුණ දෙමින් සිටින බව ඔවුහු පවසති.

ඇමරිකානු දෙමළ ජනතාව විදෙස් රටවලට යාමේදී සහ ඇමරිකාවට පැමිණීමේදී විවිද ගැටළුවලට මුහුණ දෙන බවත්, ඇමරිකානු දෙමළ ජනතාව දැඩි සෝදිසියකට ලක්කරන බවද ඔවුහු පෙන්වා දෙති.

නත්තල් සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් ලැයිස්තුවෙන් ඉවත් කළහොත් එය දෙමළ ජනතාවට හිමිවන නත්තල් ත්‍යාගය ලෙසද ඔවුන් ප්‍රකාශ කර ඇත.

ටැමිල්ස් ෆෝ ඔබාමා නැමැති සංවිධානය විසින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

බුෂ්ගේ රජය ශ්‍රී ලංකාවේ සිඳුවූ ජන සංහාරයට සහාය ලබාදුන් බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය තවඳුරටත් තහනම් ලැයිස්තුවට ඇතුලත් කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවද පෙන්වාදී ඇත.

Related posts

අලුත් ව්‍යවස්ථාවකින් දේශපාලන විසඳුමක් දෙනවා. – රනිල් පාර්ලිමේන්තුවේදී පොරොන්දු වෙයි

colombotoday

රජය සහල් මාෆියාවට ඉඩ දී කරවල මිළ පාලනය කරයි.. “හාල් මිළ පාලනය නොකලේ සහෝදර ප්‍රේමය උතුරා ගිය නිසාද? – ජනපතිගෙන් විමසයි

colombotoday

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට..

Admin

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

colombotoday

පැණි බීම, සීනි බද්දත් පහළට…

colombotoday

කහ කිලෝ 1,559 ක් ප්‍රවාහනය කරමින් සිටියදි STF වටලයි.

colombotoday