Colombo Today Local News

කොවිඩ් -19 තාවකාලික විධිවිධාන පනත බලාත්මකයි

2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත කථානායක මහින්ද යාපා මහතා විසින් සහතික කර තිබේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත්කරමින් ඒ බව පැවසීය.

පසුගිය අගෝස්තු මස 17 වනදා එම පනත් කෙටුම්පත, ජන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නීතිය මගින් නියම කරනු ලැබූ ඇතැම් ක්‍රියාවන් නියමිත කාල සීමාවක් තුළ ඉටු කිරීමට පුද්ගලයන්ට නොහැකි වූ අවස්ථාවන් සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් තත්ත්වය නිසා යම් අධිකරණයකට එහි කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වන අවස්ථාවකදී විකල්ප අධිකරණ නියම කිරීම සඳහා ද විධිවිධාන සැලසීම මෙහි අරමුණ වේ.

තවද කොවිඩ් තත්ත්වයන් පාලනය කිරීමට පහසුකම් සැලැස්වීම සඳහා දුරස්ථ සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් අධිකරණ කටයුතු සිදුකරගෙන යාම ද කොවිඩ් තත්ත්වය නිසා ගිවිසුම්ගත වගකීම් ඉටුකිරීමට නොහැකි වූ ඇතැම් ගිවිසුම්වල පාර්ශවයන්ට සහන සැලසීම ඇතුළු ඒ හා සම්බන්ධ කරුණු සඳහා තාවකාලික විධිවිධාන සැලසීම ද මෙම පනත මගින් සිදුවනු ඇත.

මේ අනුව 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත පසුගිය 23 වන දින සිට බලාත්මක වෙයි.

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම්

Admin

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂඨාධිකරණයට පෙත්සම් 10ක්…

colombotoday

ඇඹිලිපිටියේ අරගලකරුවන් පිරිසකට ප්‍රහාරයක්

colombotoday

ඇල්පිටියේ වෙළඳසැලක් ගින්නකින් විනාශයි

Admin

”පැරණි පාර්ලිමේන්තුව කැඳවන්නේම නෑ” – ජනපති. “කැඳවන්නත් එපා” – නාහිමිවරුන්ට

colombotoday

පුද්ගල මියයාම් 8ක්, දේපළ හානි 65ක්, නිවාස ගිනි තැබීම 38ක් දක්වා ඉහළට. තවත් තොරතුරු මෙන්න.

colombotoday