Colombo Today Local News

ගෞරව උපාධි පට්ටම පෞද්ගලික වැඩවලට එපා !!

ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එහි ඩීකින් විශ්ව විද්‍යාල විසින් ඊයේ (14දා) ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමිය. එය ලබාදීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා කැඳවූ අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ සිය ගෞරව උපාධි නාමය කිසි විටෙක සිය රාජකාරි හෝ පුද්ගලික කාර්යයන් සඳහා භාවිත නොකරන ලෙසයි.

එසේම උපාධිය පිරි නැමීමෙන් පසුව උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරයා පැවැසූවේ “ජිවිතය ජය ගැනීමට නම්, පරාජයට මුහුණ දීමට ඉගෙන ගන්න. සාර්ථකත්වය හමුවේ මෙන්ම අසාර්ථකත්වය හමුවේත් නොසැලී ඉන්න ඉගෙන ගන්න. පසුබෑම් වලට මුහුණ දෙන්න හැකියාව ලබා ගන්න. නොවැටී සිටීමට නොව වැටෙන වැටෙන හැම විටම නැවත නැගී සිටින්නට පුරුදු වෙන්න” යනුවෙනි.

Related posts

කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා – බලශක්ති ඇමති කියයි

colombotoday

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

ස්විස් රජයෙන් ඩොලර් මිලියන 4ක වෛද්‍යාධාර මෙරටට

colombotoday

වන අපරාධ අවම කරන්න දිගුදුර විහිදුම් බළකායක්

colombotoday

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin

තරුණයන් පිරිවරා අගමැති යොවුන් පුරයේ.. අවසන් දිනය අද

colombotoday