Colombo Today Local News

සංජය රාජරත්නම් නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද (26)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

සංජය රාජරත්නම් මහතා මෙරට 48 වන නීතිපතිවරයාය.

නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 34ක සේවා කාලයක් සපුරා ඇති රාජරත්නම් මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන ධුරයන් හොබවා තිබේ.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ඔහු ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ඇත.

රාජරත්නම් මහතා එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරයෙකි.

ඔහු 2014 නොවැම්බර් මාසයේදී ජනාධිපති නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

සිවිල් හා අපරාධ නීති අංශ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ඒ මහතා දීර්ඝ කලක් ඉහළ අධිකරණවල පෙනී සිට ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍යම බුද්ධි ඒකකය ඇතුළු රජයේ ආයතන කිහිපයකම උපදේශක ධුරය හෙබවූ ඔහු ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාවේ සහ නීති අධ්‍යාපන කවුන්සිලයේ ද සාමාජිකයෙකි.

දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද එක්ව සිටියේය.

Related posts

අපරාධ වාර්තා කොට්ඨාශය නිරීක්ෂණයට ගිය පලමු පොලිස් ඇමති

colombotoday

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය පමා කරන තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉවත් වෙයි…

colombotoday

අනුර කුමාරට බිත්තර-ගල් ගසා පොලිසියට බාර දුන් දෙදෙනා අතුරුදන්.

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද ජනපති අතට

colombotoday

“ඒකාබද්ධය – එජාපය ප්‍රසිද්ධියේ චෝදනා කරගන්නේ ඩීල් එකකට” – අමරවීර කියයි

colombotoday

ගල්අඟුරු නැවකින් කෝටි 12යි… විදුලි ඒකකයකින් රු. 14යි… ලංකාවේ ලොකුම හොරකම විදුලියෙන් !

colombotoday