13 වන ව්‍යවස්ථා සංශෝධනය පරිදි පළත් සභාවලට හිමිවිය යුතු සම්පූර්ණ බලය ලබා ගැනීම වෙනුවෙන් තමන් මහ ඇමති වූදා සිට සටන් කරන බවද ඒ පිළිබදව කිහිප අවස්ථාවකදී ආණ්ඩුකාරවරයාට පැහැදිලි කර ඇති බවද නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් පවසනවා.
එරාවූර්හී පැවති රැස්වීමදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ පසුදියදා සාම්පූර්හීදී නාවුක හමුදා නිලධාරියෙක් සමග ඇතිවූ සිදුවීමට හේතු වූයේ 13 වන සංශෝධනයේ සියලු බලතල පළාත් සභාවටලට ලබා නොදීම නිසා බවයි.