Colombo Today Local News

අධ්‍යාපනයට මුදල් වෙන් කළත් වැඩක් වෙලා නෑ.. ජනපතිගෙන් අකිලට රතු එළියක් !!

අධ්‍යාපනය සඳහා කොතෙක් ප්‍රතිපාදන වෙන් කෙරුණ ද පාසල්වල පවතින මූලික අවශ්‍යතා ඉටු නොවීම බරපතළ ගැටලුවක් බවත්, වෙන් කෙරෙන ප්‍රතිපාදන වැය කළ යුතු ප්‍රමුඛතා හඳුන්වාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට වසර 50 ක් පිරීම වෙනුවෙන් පැවති සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වෙමිනි.

පසුගිය වසරේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදල් අවශ්‍ය පමණට වැඩි බැවින් වෙනත් විෂයයන් සඳහා යෙදවීමට ඇතැම් පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන් අවසර ඉල්ලා සිටි බවත්, එතරම් මුදල් ලැබී තිබියදී පවා බොහෝ පළාත් පාසල්වල වැසිකිළි කැසිකිළි, ඩෙස් බංකු වැනි මූලික අවශ්‍යතා පවා සම්පූර්ණ වී නැති බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එවක 1967 වසරේ කොළඹ ජනප්‍රිය පිරිමි පාසල් වෙත පැවති අධික තදබදයට විසඳුමක් ලෙස අයි.එම්.ආර්. ඊරියගොල්ල මහතාගේ මූලිකත්වයෙන් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ආරම්භ කෙරුණු අතර ඉතා කෙටි කාලයක් තුළ එය ඉතා ජනප්‍රිය පළමු පෙළ පිරිමි විද්‍යාලයක් බවට පත් කිරීමට ඩී. එස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති අයි.ආර්.ටී. අලස් මහතා සමත් විය. සියලු ජනවර්ග සහ ආගමික ඇදහීම්වලට අයත් දරුවන්ට සමානයින් ලෙසට අධ්‍යාපනය ලැබිය හැකි සහ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම අධ්‍යාපනය ලැබිය හැකි ප්‍රමුඛ බාලක පාසලක් වන ඩී.එස්. සේනානායක විද්‍යාලය වාර්ගික සහ ආගමික සංහිඳියාව පිළිබඳ උණුසුම් ආදර්ශයක් සපයන අධ්‍යාපන ආයතනයක් ද වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ඩී.එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ලේ සමරු ඵලකය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

Related posts

මරා දැමුවයි කී එක්නැලිගොඩ ජීවතුන් අතර! ව්‍යාජ ගමන් බලපත්‍රයකින් යුරෝපයට පලා ගිය බවට තොරතුරු

colombotoday

ඇස් ඇර, මොළය පාවිච්චි කර සහය දෙන්න – 22 ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

colombotoday

“ශ්‍රී ලංකන්, ලංකා හොස්පිටල්, මත්තල, හම්බන්තොට වරාය පාඩුයි.. පෞද්ගලිකකරණය කරනවා“ – අගැමැති

colombotoday

VAT පනත නීති විරෝධීයි.. ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි.. නව පනතක් ගේනවා – අගමැති කියයි

colombotoday

සීනි බදු වංචාවෙන් රජයට අහිමි ආදායම අදාළ පාර්ශවවලින් ලබා ගන්න – මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි

colombotoday

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහළට

colombotoday