Colombo Today Local News

යාපනය පුස්තකාලය ගිනි තැබීම ගැන අගමැති සමාව ඉල්ලයි

23659-63231981 වසරේ යාපනයේ පුස්තකාලය ගිනිතැබීම සම්බන්ධයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා එසේ සමාව ඉල්ලා සිටියේ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ අද (දෙසැ.06) පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම් වාදයක් අතරතුරදීය.

“අපේ කාලේ පුස්තකාලේ ගිනි තිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා, සමාව ඉල්ලනවා” අගමැතිවරයා පැවසීය.

පසුගිය ආණ්ඩුව සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ද එසේ සමාව ගන්නා ලෙස අගමැතිවරයා ඉන් අනතුරුව ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

රවිරාජ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙන්ම යාපනයේ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් ද අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ඒකාබද්ධ විපක්ෂයට චෝදනා කළේය.

– BBC

Related posts

රාජ්‍ය සේවකයින්ට ගෞරවය රැකෙන ඇඳුමකින් සැරසී එන්න අවසර

colombotoday

දුම්රිය ධාවන වාර රැසක් අවලංගුයි

Admin

පාර්ලිමේන්තුවෙන් එළියට විසි උණු රන්ජන්ගේ පුටුවට අජිත් ?

colombotoday

කිරි වෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට…

colombotoday

ජනපතිට තනපටයක් තරම්වත් ශ්‍රීපාදය වටින්නෑ වගේ.. ඔබ කාටද හිමි ඉඩම් පුතේ !!

colombotoday

කෝටි ගණනක කොල්ලයක්… සෞදි හජ් කෝටාවට ඇමති හලීම් විදී…

colombotoday