Colombo Today Local News

යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් ව නිදහස් කෙරේ

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)දින නියම කළේය.

ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදුකළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලකර තිබුණි.

මෙම නඩු අද කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් මෙම නියෝගය කළේය.

කොළඹ මහාධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව ඔවුන්ව නිදහස් කරන බවද මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අය නිදහස් කෙරුණි.

අල්ලස් කොමිසම ගොනුකළ නඩුවට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ කොළඹ මහාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩු ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට තීන්දුකර තිබේ.

එම තීන්දුවට අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම විත්තිකරුවන් ව අද නිදහස් කරනු ලැබීය.

Related posts

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කොවිඩ් එන්නත් මාත්‍රා 30 ක් හොරකම් කරලා

colombotoday

මහබැංකු අධිපතිලෙස කුමාරස්වාමි පත්කිරීම ගැන සෝභිත හිමි සිටියානම් අතිශය සතුටුවෙයි !

colombotoday

සංවර්ධනය මීටත් වඩා වේගවත් කළ හැකියි.. එසේ නොකරන්නේ “වෙනස” රැකගත යුතු නිසයි – අගමැති

colombotoday

නිවසට ආ කොල්ලමරුවෝ ගෙහිමියා ව ඝාතනය කරලා

colombotoday

එළවළු මිල ගණන් පිළිබද පොලිස් ඇස

colombotoday

මහ බැංකුවේ නිල සංචිතවල සුළු පහත වැටීමක්

Admin