Colombo Today Local News

සතියට වැඩ කරන වේලාව වැඩි කර දවස් ගණන අඩු කරන්න යෝජනාවක්

ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට ඉදිරිපත් කර ඇත.

ඉකුත් අඟහරුවාදා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති විශේෂ කැබිනට් රැස්වීමේ දී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් එම යෝජනාවලිය රජයට ඉදිරිපත් කරඇතැයි වාර්තා වේ.

ඒ අනුව සතියේ වැඩ කරන දින ගණන හතරට අඩුකර, පැය ගණන වැඩි කරන ලෙසට මහ බැංකුව යෝජනා කර තිබේ.

ඒ අනුව ආයතනවල කටයුතු උදේ හතයි තිහට ආරම්භ කර, පස්වරු පහයි තිහ දක්වා පවත්වාගෙන යන ලෙසට එමගින් යෝජනා කර තිබේ.

ආයතන තුළ සිට වැඩ කරන සේවකයන්ට උදේ 9.00 සිට හවස 3.00 දක්වා වැඩ කර,නිවෙස්වලට කලින් යාමේ අවස්ථාව සලසා දිය යුතු බවට ද මහ බැංකුව යෝජනා කර තිබේ.

පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කර, පොදු ප්‍රවාහනයට යොමු කරන ලෙසද මහ බැංකුව ඉල්ලා ඇත.

මේ අතර ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සහ ඉන්ධන පරිහරණය අරපිරිමැස්මෙන් කළ යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන යන ලෙසද මහ බැංකුව ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ සඳහන් වන බව වාර්තා වේ.

Related posts

එට්කා ගිවිසුම ඉදිරියට ගෙන යාම ගැන රනිල්ගෙන් අනුරට පැසසුම්

Admin

“හතළිහක් විපක්ෂයේ වාඩි වුනේ විපක්ෂනායකගේ කණ්ඩායමට නෙමෙයි”

colombotoday

සජින් වාස් ජනපති සමග අම්බලන්ගොඩ ශ්‍රීලනිප වේදිකාවේ !

colombotoday

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පැහැදිලිව ඇති පරිදි බුදුදහම ආරක්‍ෂා කර පෝෂණය කිරීම රජයේ වගකීමයි – ගයන්ත

colombotoday

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලන දඩයම් මධ්‍යස්ථානයක් – ජවිපෙ

colombotoday

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් කළා – මන්ත්‍රී කාන්චන විජේසේකර

colombotoday