වොක්ස්වැගන් සමාගමේ ශාඛාවක් ඉදිකිරීම සඳහා එළඹෙන ජනවාරි 3 වැනි දා කුලියාපිටියේ දී මුල්ගල තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ඉදිකිරීම ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවේ ප්රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබෙයි.
කර්මානත ශාලාව ඉදිකිරීමත් සමග සෘජු හා වක්‍ර රැකියා රාශියක් නිර්මාණය වන බවත්, මෝටර් රථ නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීමේ අවස්ථාව මෙරට තරුණ ප්‍රජාවට හිමිවනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (02දා) නිකුත් කළ නිවේදනයක වෙයි.