Uncategorized

තවත් ස්ට්‍රයික් කළොත් බලපත්‍ර අහෝසියි.. 25000 දඩයත් වෙනසක් නෑ !

bus-sri-lankaපුද්ගලික බස් රථ වර්ජනය දින තුනක් මුළුල්ලේ පැවතුනහොත් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, රථ වාහන වැරදි හතක් සඳහා රුපියල් 25000 දක්වා දඩ මුදල් ඉහළ දැමීමට විරෝධය පළකරමින් පුද්ගලික බස් රථ සංගම් ගෙනයන විරෝධය පිළිබඳව කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බලපත්‍ර අහෝසි කිරීමෙන් අනතුරුව නව ඉල්ලුම්කරුවන්ට එම බලපත්‍ර ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මාර්ග නීති කඩකරන රියදුරන්ට පැන වූ රුපියල් 25,000 දඩ මුදල අවලංගු නොකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පවසන අමාත්‍යවරයා, මාර්ග නීති උල්ලංඝනය කරන රථවාහනවලට එවැනි දඩයක් නියම කරන මෙන් ආණ්ඩුවට මුලින්ම යෝජනා කළේ තමන් බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ 25,000කට ආසන්න පිරිසක් මාර්ග අනතුරු හේතුවෙන් වසරක් ඇතුලත මරුමුවට පත්වන බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාව තරම් මාර්ග නීති උල්ලංඝනය කරන තවත් රටක් ලෝකයේ නොමැති බවයි.

ඇතැම් පුද්ගලික බස් රථ සහ ත්‍රිරෝද රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් රට පුරාම බස් මගීන් බරපතල දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින අතර රට පුරා විවිධ ස්ථානවලදී ධාවනයේ යෙදුනු ලංගම බස් රථවලට ගල් මුල් ප්‍රහාර එල්ල වී තිබේ.

BBC

Related posts

විජේවර්ධන පවුලේ daily mirror භික්ෂුන් වහන්සේලාට ගරුත්වය නොදී නමින් ආමන්ත්‍රණය කිරීමේ තීරණයක

colombotoday

පාර්ලිමේන්තු එන අපේ හැම මන්ත්‍රී කෙනෙක්ම වැටුප පක්ෂයට දෙනවා

Admin

ගබ්සා පෙති සමඟ ඇල්ලූ පිය – පුතු දෙදෙනාට ඇප

colombotoday

සිරගත කළ බුද්ධි නිලධාරීන්ගේ සුවදුක් බලන්න හිටපු ජනපති වැලිකඩ යයි

colombotoday

මරණීය දණ්ඩනය කතෝලික රදගුරු සංගමයේ විරෝධය…

colombotoday

MCC ගිවිසුම අකුලා ගත්තේ නෑ… ජනපතිවරණයෙන් පසු ක්‍රියාත්මක කරනවා !

colombotoday